
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුණ 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.
අද (27) අලුයම කඩා වැදි ඇති මෙම වල් අලි රංචුව අක්කර 2 කට වැඩි භුමියක තිබු අස්වැන්න නෙළිමට දින කිපයක් පමණක් තිබු කොමඩු කිලෝ 3000 මෙලෙස ගිල දමා පිටව ගොස් ඇත්තේ එහි තිබු ජල නල පද්ධතිය ඇතුළු අනිකුත් දෑ වනසමින් බව මෙම ඉඩමේ හිමිකරු වන ආර්.ඩි.සුනන්ද ජයසිංහ මහතා පවසයි.
වගාවේ පලමු අස්වැන්න එකේ කිලෝ 3000 කට වැඩියි.කොමඩු වලින් විතරක් ලක්ෂ හතරක වැඩි පාඩුවක් වෙලා.ඒ මදිවට ජල නල පද්ධතිය,පොල් පැළ වනසලා එවත් ලක්ෂ 4 කට වැඩි පාඩුවක් වුණා .
දැන් කරකියා ගන්න දෙයක් නැති වෙලා.දහ දුක් විදලා වගා කලාම අලින්ට කන්න දිලා අපි බලන් ඉන්න වෙලා.
මම දැන් දහ අතේ කල්පනා කරන්නේ ඉතිරි වගාවන් කර ගන්නේ කොහොමද කියලා.වල් අලින්ගෙන් අපිට තිබෙන කරදරය දැන් අවුරුදු 10 කට වැඩියි.
ඒ මදිමට මේ රන්සේල මග අවට තිබෙන ඉඩම් වැඩි ප්‍රමාණයක් කොළඹ අයට ඒ අක්කර 100 විතර කෑලෑවට වැහිලා ගිහින් ඒවාගේ තමා අලි නතර වෙන්නේ මේ ඉඩම් වෙන කාට හරි දිලා වගා කරවන්න කියලා තමයි අපි ඉල්ලන්නේ යැයි වගාවේ හිමිකරු සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 17
45
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අලි 20 ක් කොමඩු වගාව විනාශ කරලා