IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


අලි හොරකම් කළ අලි රෝෂාන් වසර 15ක් හිරගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

බලපත්‍රයක් නොමැතිව ඇතින්නක් ලඟතබා ගැනීම ඇතුලු චෝදනාවන් දෙකකට වරදකරු වු අලි රොෂාන් නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් කෝටි දෙකකට අධික දඩයක්ද විත්තිකරුට පැණවීය.

බලපත්‍රයක් නොමැතිව ලඟතබා ගෙක සිටි ”සිඟිති” නමැති ඇතින්න රාජසන්තක කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළ විනිසුරු මඩුල්ල විත්තිකරුට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර වසර 04ක සිරදඬුවමක්ද නියම කෙරිණී.

බලපත්‍රයක් නොමැතිව ඇතින්නක් ලඟතබා ගැනීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට එරෙහිව නඟා තිබු චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට ඒකමතිව තීරණය කරමින් ඔහුට මෙම දඬුවම නියම කළ විනිසුරු මඩුල්ල සොරකම් කරන ලද අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටද නියම කළේය.

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, සහ පලිහපිටිය ගමගේ ජයලත් නමැත්තන්ය.

වසර 06ක කාලයක් පුරා පැවැතී දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න (සභාපති) ලංකා ජයරත්න සහ ආර්. එස්. එස්. සපුවිද යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.

රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි එවකට නීතීපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරිණි.

 



අදහස් (16)

අලි හොරකම් කළ අලි රෝෂාන් වසර 15ක් හිරගෙට

Kapila Friday, 19 September 2025 07:44 PM

මේ රටේ මහජනයාට අතීතය මතක නම් මෙයා ඔයිට වඩා අලි බිස්නස් කරලා තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුවෙන් කරපු අලි සංගණනයේ උපරිම ප්‍රතිඵල ගත්තේ මෙයා. එකෙන් අලි පැටවුන් වැඩ ප්‍රදේශ සොයාගෙන කැලේ ඉන්න අලි පැටවුන් අල්ලලා (ඇතින්නියන් මරල ) ලොකු බිස්නස් එක කරලා තියෙනවා. සන්තෝසේට මේ රටේ පාලකයින්ට නිකන් දීල කියලත් කියනවා. ආණ්ඩුවට කඩේ ගිය ප්‍රසිද්ධ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුටත් දීල තියෙනවා. ඒ පැටවුන්ගෙන් කෙනෙක් විය හැකියි. මේ ඇතින්න. ඒ නිසා මේ දඬුවම ප්‍රමාණවත් නෑ. මෙයාගෙන් අලි ගත්ත අයටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

පිටිගල මිලානෝ Friday, 19 September 2025 08:44 PM

දඩුවමට ඉස්සෙල්ලා අප්පච්චි බලන්න යන්න පුළුවන් වුනා නේද…? මම ඒක අන්තර්ජාලයෙන් දැක්කා…. ලොකු දෙයක්… නැත්නම් ඉතිං අප්පච්චී තියා පුතෙක්වත් බත් එකකකුත් බැදගෙන වැලිකඩට එන එකක්යෑ…. ඔබ ඔවුන්ට අලි ඇද්දාට ඔබට ඔවුන් වැලිකඩට බත් අදින්නේ නෑ…

:       0       0

Siripala Ushetti Friday, 19 September 2025 08:53 PM

දැන් අපිට කියන්න පුළුවන් නිතිය සැමට එක හා සමානයි කියලා

:       0       0

pj Saturday, 20 September 2025 07:45 AM

මෙන්න අපේ මාලිමාවේ අලිලැයි අපිලැයිලගේ තවත් වැඩක්. ඇවිත් අවුරුද්දෙන් අපේ වැඩ කොහොමද...?

:       6       8

අරවින්ද මොණරවිල Saturday, 20 September 2025 08:16 AM

අලි දෙන්නෙක් හොරකම් කෙරුව අලි රොෂාන්ට වසර පහළොවයි කෝටි දෙකයි, එහෙම බැලුවාම නෑමොලයාට හා එයාගේ අප්පොච්චාට ඊළග ආත්මයෙත් හිරේ ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඒක මතක් වෙන කොට මට නටන්න හිතෙනවා... ලල්ලාලේ.... ලා ලල ලල්ලා.... ලා ....

:       0       13

යක්ක පුතා Saturday, 20 September 2025 09:48 AM

රාජපක්ෂ චවුර වලල්ලේ එක සොල්දාදුවෙක්, හාමුලාගේ මනදොළ පිනවන්න පැටවු ඉන්න අලි අම්මලා කීදෙනෙක් මේ මිනිහ මරන්න ඇතිද?

:       3       16

පැරකුම්Saturday, 20 September 2025 04:21 PM

කෝ ඉතිං ඔය කියන චෞර වලල්ලේ එක චෞරයෙක්වත් ඉදිරිපත් වුනේ නෑ නේ මේ සොල්දාදුවා බේරගන්න...

:       1       8

ලයන් Saturday, 20 September 2025 11:12 AM

අවුරුදු 30 ක් වත් දුන්නා නම් හුගාක් සතුටු වෙන්න තිබුණා...

:       2       14

අරුණි Saturday, 20 September 2025 11:25 AM

මේ මනුස්සයා ඇත්ත මැරුවේ නෑ කන්න බොන්න දීලා ඇති දැඩි කලා. නමුත් දඪුවම මේකයි. මිනිසුන්ට පහරදීලා ඝාතනය කරලා රාජ්‍ය දේපාල විනාශ කල අරගලයේ මාලිමා සාමාජිකයින් සුවසේ වැජඹේ. ඒත් නීතිය සැමට එකයිලු

:       33       12

ප්‍රියන්තSaturday, 20 September 2025 02:41 PM

අරැණි නමින් ලියන යෝගා ගුණරත්න වෙත... මෙයා අලි පැටව් ඇල්ලුවේ මව් ඇතින්න මරලා. මොවුන් ඇල්ලුවේ නැති නිසා තවම ඔහෙලා බේරිලා ඉන්නවා...

:       7       20

kapila Saturday, 20 September 2025 11:39 AM

රොෂාන්ගේ අතීතය ගැන එවපු කමෙන්ට් නැත්තේ ඇයි?

:       2       11

Rata Perata Saturday, 20 September 2025 11:57 AM

දීපු ඡන්දය ගැන ආඩම්බර වෙන්න පුළුවන්... NPP රජයක් ආවේ නැත්නම් තවම අපි බාල බෙහෙත් බොනවා, හොරු බදු ගෙවන්නේ නැතුව ඉන්නවා... දේශපාලුවන් අපේ සල්ලිවලින් පිස්සු නටනවා...

:       8       29

කෝරලගේ Saturday, 20 September 2025 03:23 PM

AKD සහ NPP රජයට බොහොම කෘතඥතාව පළ කරනවා.ඔබ රජය SLPP සහ UNP හි රටම සූරා කාපු තක්කඩියන් අත්අඩංගුවට ගැනීමට පොරොන්දු වූ අතර දැන් එය සිදු කර අප රටම ඒ නරා වළෙන් ගොඩගන්නයි හදන්නේ.අපේ NPPඑකට දුන්න ඡන්දය කෝටියක් වටිනවා.ඔබගේ පොරොන්දු ඉටු කිරීම ගැන ස්තූතියි.

:       0       0

Janaka Gunawardana Saturday, 20 September 2025 05:29 PM

හරිම දුකයි මේ මනුස්සයා ගැන.. කන්න බොන්න දීලා සතෙක් ඇති කරාට මෙහෙම දඩුවම් දෙනවද..? මේ මනුස්සයා සත්තු මැරුවේ නැහැ. ඇත්තටම මනුෂ්‍යත්වයක් නැති නීතිය. සත්තු මරණ අය නිදැල්ලේ...

:       0       0

Nandana Saturday, 20 September 2025 07:28 PM

අලි ඇතුන් තියාගන්න පුළුවන් හාමුලාට විතරද?

:       0       0

Nandalal DE SILVA - France Monday, 22 September 2025 02:02 PM

මැදමූලන රාජපක්ෂලා පවුලට ගෑවිලා හෝ නෑකම් තියෙන හොරු අල්ලා අධිකරණයට ඉදිරිපත් කරාම ඔවුන් වෙනුවෙන් කථා කරන්න. පෙනී සිටින්නවත් අර මැදමූලනේ ප්‍රසිද්ධ "නෑමොලේ" කළු කබා කාරයා පෙනී නොසිටින්නේ මොකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 113 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 958 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2563 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site