
(අංජුල මහික වීරරත්න)
විදුලි වැට නඩත්තු බහුකාර්ය සංවර්ධන වනජිවී සහකරුවෝ 3451ක් අද ස්ථිර පත්වීම් ලැබූහ.
මොවුන් පත්වීම් ලැබූයේ වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර (තුන්වන) iii වන ශ්‍රේණියට බදවා ගැනීම යටතේය.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද(13) පැවැත්විණි.
බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් බදවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බදවා ගත් පිරිසෙන් දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන අභ්‍යාසලාභීන් 3451ක පිරිසකට මෙලෙස විදුලි වැට නඩත්තු සේවකයින් ලෙස ස්ථිර පත්වීම් හිමි විය.
අලි මිනිස් ගැටුම කළමනාකරණය වෙනුවෙන් වර්තමාන රජය සුවිශේෂී දායකත්වයක් සහ මැදිහත්වීමක් සිදු කරන අතර මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර තිබෙන බවති එය කිලෝමීටර් 5644ක් පුරා විහිදී පවතින අතර විදුලි වැට බලගැන්වීමේ කුටි 647ක් ක්‍රියාත්මක බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලි වැට රකින්න 3451ක බලකායක්
ගුණරත්න Friday, 13 June 2025 06:01 PM
ආණ්ඩුව රස්සා මවනවා, සංවර්ධන සහකාර, මදුරු මර්දන සහායක, අලිවැට බලකාය... ඔහොම කෙළවරක් නැති තනතුරු. කොහෙන්ද මේවාට සල්ලි...?
රනේ Friday, 13 June 2025 06:41 PM
ගුණේ ඔයා බදු ගෙවන්නේ නැතෙයි?
Perakum Friday, 13 June 2025 06:46 PM
අලි වැට වෙනුවට අලි කානුව කොතරම් සාර්ථකද යන බව වනජීවිය හොඳින් දන්නවා. ඒත් අලි කාණුවේ කොමිස් නෑ. මේ නිකං නිකරුනේ කරන මහජන මුදල් නාස්තිය කවදා ඉවර වේද? මහවැලියේ මාදුරුඔය අපේ පොල් වගාව බේරාගත්තේ අලිකානුවෙන්. ඒකට උපදෙස් දුන්නේ වන ජීවීය. බලධාරීන්ට කොතෙක් කිව්වත් වැඩක් නෑ. දැන් අපි කියන්නෙත් නෑ.
Bunny Preena Saturday, 14 June 2025 10:44 AM
ඔයගොල්ලන්ගේ රස්සාවල් ස්ථීර වුණා වගේම අලි වැටවලුත් හොඳ ස්ථීර සාරව පවත්වාගෙන යාමට කටයුතු කළොත් හොඳයි. මොකද? බොහෝ දුරට අපිට අහන්න ලැබෙන්නේ අලි වැටවල් සවිමත්ව හයි කරලා නැහැ... නිතරම කඩෙන් ආවයි කියලයි.