
(ගයාන් සූරියආරච්චි)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍යංශයට බදු පදනම මත ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබාගැනීමෙන් පසුව බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරිම වෙනුවෙන් රුපියල් හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් අටසිය අසූ හතක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 20 ක මුදලක් ලබාගෙන තිබූ බව එම කොමිෂන් සභාව කියයි.
කෙසේ වෙතත් ඉතිරි මුදල් වෙනුවෙන් එම ගොඩනැගිල්ල අයත් පෞද්ගලික සමාගෙමෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් තුටු පඩුරු ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂන් සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ටෙන්ඩර් එකකින් ආණ්ඩුවේ කොන්තරාත්තුව ගත්තත් සල්ලි පාස් කරගද්දී - ඉස්සර නම් අමාත්‍යාංශ ලේකම්ට, ගණකාධිකාරිට, සහ ඉන් කිහිප දෙනෙකුට අපිට ගන්න තියෙන මුදලින් % එකක් ඉල්ලන අවස්ථා තියෙනවා. විශේෂයෙන් කොන්ත්‍රාත් කරුවෝ අමාරුවෙන් ගන්න 10% -5% වගේ ලාභය පවා මේ වගේ කාලකන්නි හින්දා ඔවුන්ට අහිමිවෙන අවස්ථා තියෙනවා. කොන්ත්‍රාත් කරු මහන්සියෙන් ඉතිරි කරගන්න ලාභාංශය යන්නේ මේ වගේ උන්ටයි... බැංකු පොලි වලටයි... බැංකු කොමිෂන් වලටයි, රේගුවේ ඉන්න අයියලාටයි අත්දැකීමෙන් කියන්නේ...