
(අංජුල මහික වීරරත්න)
අයවැයෙන් වෙන්කර ඇති මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (25) පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි.
ඒ අනුව වියදම් කළමනාකරණයේ දී රාජ්‍ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව වී ඇති බව පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය මුදල් හරි විදියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක්
karolis Tuesday, 25 February 2025 11:26 PM
තමන් කියවපු අයවැයේ තිබ්බේ මොනවද කියලවත් දන්නේ නැති ජනාධිපති කෙනෙක් ඉන්නේ දැන්.
Chinthaka Wednesday, 26 February 2025 08:10 AM
එහෙම නම් අවුරුදු 76 ක් හිටපු පාලකයොත් වැරදි නැහැනේ ද ඒ කාලයේ වුනෙත් නිළධාරි හරියාකාරව කටයුතු නොකිරීමම තමයි. ඒ බව තේරුම්ගත් සිරිමාවෝ මැතිණියගේ කාලයේ දිසාපාලන අධිකාරිය ඇති කළා. ඉන් පස්සේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඇතිකළා. දිසා ඇමති ක්‍රමය ඇති කළා. ඉන් පස්සෙ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන කමිටු ඇති කළා. ඒත් ප්‍රයෝජනයක් නොවුනේ එහිදීත් කකාබිබී පක්ෂ දේශපාලනය ගැන කථා කළා. මිස සංවර්ධනය ගැන කිසිම කතාවක් නැහැ.ජනාධිපතිතුමා නිතරම සංවර්ධන කටයුතු ගැන ප්‍රගති සමාලෝචනයක් කරනවානම් හොදයි කියල හිතෙනවා.
තරිඳු Wednesday, 26 February 2025 10:01 AM
කයිවාරු විතරයි. වැඩ නෑ. යන යන තැන කයිවාරු ගහනවා. ගත්ත කිසිම වැදගත් තීරණයක් නෑ. අන්තිමට නිලධාරි වැඩ කළේ නෑ කියලා අත පිහදාගෙන බේරෙන්න තමයි ඔය කතා කියන්නේ.
තරින්දිWednesday, 26 February 2025 07:10 PM
අවුරුදු 76ක් වුණු දේම තමයි තවමත් වෙන්නේ... ජනාධිපතිතුමා කොහොමින් කොහොම කිව්වත් නිලධාරි වැඩ නොකළොත් 76 නොවෙයි 760 ක් ගතවුණත් ඔහොම්ම තමයි..!
Kamal Koyrala Wednesday, 26 February 2025 01:54 PM
සියලු ආයතන ප්‍රධානීන් මාසිකව වාර්තා, ලබා දිය යුතු මුදල් සහ ආයතන ප්‍රගතිය සම්බන්ධව - රාජ්‍ය තරුන සේවා සභාව නිදර්ශනයට ගෙන කටයුතු කල යුතුයි