
(දයාරත්න ඇඹෝගම)
වසර හතළිහකට අධික කාලයක් තිස්සේ නුවරවැව ආසන්නයේ පදිංවිව සිටින තමන් එම ස්ථානයෙන් ඉවත් නොවන බව නුවරවැව අවට ඉඩම් සුරකිමේ සංවිධානයේ සභාපති ඩි.එම්.ජයසිරි මහතා අනුරාධපුර නගරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.
අනවසර ඉදිකිරිම්වලට ලක්ව ඇති දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවලට අයත් වැව්වල රක්ෂිත මායිම් කිරිමේ ජාතික උත්සවය ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර,නුවරවැවේදි ආරම්භ කෙරැණි.
ඒ අනුව අනුරාධපුර නුවර වැව රැක ගැනීමේ ව්‍යාපෘතිය යටතේ වැව් රක්ෂිතය නිර්ණය කර ඒ සඳහා සීමා මායිම් දැමීමේ කටයුතු මෙදින ආරම්භ කෙරැණි.
එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නුවරවැව් රක්ෂිතයේ ඉදිකොට ඇති සියළු අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමට පියවර ගන්නා බවයි.
දේශපාලන බලය පෙන්නලා අනවසරයෙන් ඉඩම් අල්ල ගත්තා කියලා කතාන්දරයක් මෙතන නැහැ.අපේ පරම්පරා තුනක් මේ ප්‍රදේශයේ ගොවිතැන් බත් කරගෙන කාලයක් තිස්සේ මෙතන හිටියා.
රජයෙන් ඉඩම් මැනලා ඔප්පු දුන්නා. අපි මේ ඉඩම් ඔප්පු පළාත් පාලන ආයතනවල අනුමැතියෙන් දිසාපතිතුමාගේ අවසරයෙන් බැංකුවලට උගස් කරලා මුදල් නයට අරන් තමයි මේ ගෙවල් දොරවල් හදාගත්තේ.
අපේ ජිවිතේම කැප කරලා ආර්ථිකය යට කරලා තියෙන්නේ මෙතෙන්ට තමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අපට මේ ඉඩම් සදහා ජයභුමි,සවර්ණභුමි ඔප්පු ලබාදි තිබෙනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයභූමි, ස්වර්ණභූමි, ඔප්පුවලට බැංකු ණය දෙන්නේ නෑ දන්නා විදිහට නම්...
කලබල වෙන්න එපා. නිකන් ගැලරියට දෙන ෂෝ එකක් පමණයි. ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලේ ගලවන්නේ වැට් විතරනේ. ඔයගොල්ලොත් වැව පැත්තෙන් පොඩි වැටක් ගහලා තියන්න...
ජය භූමි, ස්වර්ණ භූමි යනාදී නොයෙක් නම්වලින් සෑම ආණ්ඩුවකින් තම දේශපාලන පක්ෂවලට වැඩකරපු අයට මාතෘ භුමියේ අතිශය සංවේදී ස්ථානවලින් ඉඩම් ලියලා දීපු එක තමයි කලේ. පාලකයින්ට මොළේ නොතිබූ කාලයක් ඒක. ඔක්සිජන් කන්නද කියලා අහපු හරක් රැලක් රාජ්‍ය පාලනයේ හිටියා...
ජයභූමි, ස්වර්ණභූමි වගේ විකාර නම් දමාගෙන තමන්ගේ දේශපාලන ගැත්තටන්ට වැව්රක්ෂිත, වනරක්ෂිත හා දුම්රිය රක්ෂිත වගේ තැන්වල ඉඩම් සඳහා දීලා තියෙන්නේ තාවකාලික බලපත්‍ර නිසා... ඒවා ඕනෑම වෙලාවක අහෝසි කරන්න පුළුවන්, ඒ වගේම ඒවාට බැංකු ණය දෙන්නේ නැහැ. ඇත්තටම පදිංචියට ඉඩමක් නැති පවුල් වලට සුදුසු තැනකින් ඉඩමක් ලබාදී සියල්ලන්ම වැව් රක්ෂිත වලින් ඉවත් කරන්න කටයුතු කළ යුතුයි...
පොඩ්ඩක් ඉන්න මිනින්දොරු දෙපාර්තමේන්තුවෙන් මනිනකල්
ඔප්පු තියනවා නම් මේ අයට වෙන සුදුසු තැනක් ලබා දෙන්න
එක එක කණ්ඩායම බලයට ඇවිත් රටේ ඉඩම් තමන්ට අයිති දේ වගේ බෙදල දීම නවත්තන්න ක්‍රමයක් ඕන නේද? අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉඩම් ඇමති කෙනෙක් කට්ටිකර බෙදල දුන්න මතකයි.
දැන් නම් වැසිකිලි යන්නන්ගේ සංවිධානය විතරයි අඩු. ඉස්සර හිටපු කලකන්නි දේශපාලුවෝ මේවා අනවසරෙන් මේ ජනතාවට දීලා තියෙනවානම්, ඒ මිනිසුන්ට විකල්ප ඉඩම් දිය යුතුයි. කොහොම උනත් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේවා කරවල කෑලි කරගන්න පැරදුන අපතයෝ බලාගෙන ඉන්නවා ඇති.