
(අංජුල මහික වීරරත්න)
මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වූ අනුරාධපුර පූජා නගරය සුරක්ෂිත කිරීම සඳහා ඒකාබද්ධ සහ තිරසාර ප්‍රවේශයක්’ මැයෙන් ප්‍රංශයේ, යුනෙස්කෝ මූලස්ථානයේ පැවති ජාත්‍යන්තර විශේෂඥ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධාන කළ මෙම සමුළුව, සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසර උපායමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස විහාරේ දානය දෙන්න නොදුන් අය කොහොමද පූජා භූමිය ආරක්ෂා කරන්නේ? ලකුණු දාගන්න වැඩ
මම හසානා එක්ක ප්‍රංශයේ ඇවිදින්න ගිය වෙලාවෙත්, යුනෙස්කෝ මුලස්ථාන ගොඩනැගිල්ල ඉස්සරහ ඔය විදිහට හිටගෙන ජයාරුපයක් ගත්තා මතකයි ! සොඳුරු මතක !
අනුරාධපුර තියා අපේ රට රකින්නවත් කිසිම රටකින් ආධාර අනුබල ඕනේ නෑ