
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අප්‍රේල් 8 පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.
අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වේ.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය
යෝගා Friday, 02 May 2025 11:39 AM
මේකත් රනිල්ගේ ආණ්ඩුව කෙටුම්පත් කරපු පනතක්. කුණු ඩෝබිලා ලකුණු දාගන්න වැලලෙන්න එපා. ජෙප්පෝ මෙතෙක් කිසිම පනතක් ගෙනත් නෑ.
මාබංකුසිංහ Friday, 02 May 2025 03:34 PM
ඒ කියන්නේ රනිල්ගේ මන්ත්‍රීලා උඩ බලාගෙන කෙල ගහගන්න ආසයි...!
මෝඩ හුටංලාSaturday, 03 May 2025 08:58 AM
යෝගාට ඕක තේරෙන්නැහැ. වෛරයෙන් අන්ධවෙලා ඉන්නේ...
ලලනිFriday, 02 May 2025 10:53 PM
මේ යෝගා කියන මනුස්සයාට නම් තදබල මානසික රෝගයක් තියෙනවා. ප්‍රවෘත්තියේ තියෙන්නේ පනතක් සම්මතවෙලා එයට කතානායක අත්සන් කළ බවයි. මේකෙ කොහේද කාටවත් ලකුණු දමාගැනීමක්. වහාම මානසික වෛද්‍ය ප්‍රතිකාර ගන්න...
පිටරටවැසියා Friday, 02 May 2025 05:56 PM
කෙටුම්පතක් පනතක්වී, රටේ නීතියක් බවට පත්වෙන්නෙ, මුලින්ම කැබිනට් අනුමැතිය ඇතිව, පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මතවී, කථානායක සිය අත්සනමගින් සහතික කල පසුවයි. රනිල්ගේ ආණ්ඩුව ඔක්කොම කරලා තිබ්බනම්, ඇයි මේ ආණ්ඩුවේ කථානායකට අත්සන් කරන්න සිද්ද වුණේ?