IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න

පවතින අධික වැසි,සහ සුළං තතත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල  ගංවතුර අවදානමක්  මතුව ඇති අතර  ඇතැම් දිස්ත්‍රික්කවල හදිසි අනතුරුද වාර්තා වේ.

අකුණු අනතුරු, ගස් කඩා වැටීම්, නාය යාම් ආදි අනතුරු තැනින් තැන වාර්තා වන අතර මෙම අනතුරුවලින් වැළකිමට සෑම මොහොතකම අවදානයෙන් පසුවන්නැයි අපදා සහනසේවා අංශ පවසයි.

මේ අතර බලන්ගොඩ  ප්‍රදේශයේ ස්ථාන කිහිපයක  ගස්  කඩා  වැටි පුද්ගලයින්   තිදෙනකු  තුවාල  ලබා  අද  (21) රෝහල්  ගත  කර  ඇතැයි   පොලිසිය  පවසයි.

බලන්ගොඩ  හැරමිටිගල  ප්‍රදේශයේ  නිවසක් මතට  ගසක්  කඩා  වැටිම  හේතුවෙන්   නිවසේ  සිටි  පුද්ගලයෙකු තුවාල  ලබා  බලන්ගොඩ මුලික රෝහලට  ඇතුළත් කර  ඇති  අතර ,එලෙස  කඩා   වැටි  ඇති  ගස   බැලිම සදහා  ගිය  පුද්ගලයෙකුගේ  හිස  මතට  කිකුල්  ගසක් කඩා  වැටිම  හේතුවෙන් ඔහුද  තුවාල  ලබා රෝහල්  ගත  කර  ඇත.

මෙිි අතර  බලන්ගොඩ  වටවල  ප්‍රදේශයේ  නිවසක් මතට  ගසක් කඩා  වැටිම හේතුවෙන්   එහි සිටි  කාන්තාවක  තුවාල ලබා  රෝහල්  ගත  කර ඇතැයි කියයි.

( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)


මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 638 ඒ උඩුවර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ    නිව් චැටල් වතුයාය හරහා හමා ගිය දැඩි සුළඟකින් ගස් කඩා වැටීම  හේතුවෙන් වතු නිවාස හයකට  අලාභාන සිදුවී ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.

එමගින්    කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )


වර්ෂාවත් සමග හමාගිය සුළං තත්ත්වයත් සමග ගලේවෙල මාතලේ 85 අකුරම්බඩ මාර්ගයේ නාගහපොල හංදියේ පිහිටි විදුලි හා දුරකතන රැහැන් පද්ධතිය මතට ගසක් වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල වු බව ප්‍රදේශවාසිහු කියති..

(ඉන්දික අරුණ කුමාර සහ ප්‍රසාද් ජයකොඩි)

 



අදහස් (0)

අපදාවෙන් බේරෙන්න විමසිලිමත් වෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site