(ආරියරත්න රණබාහු)
මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE Yoshifumi )මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලද අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව සුබපැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබිණි.
මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ තුසිමිතාරෝ (Tsutsumi Taro )මහතා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවාසේ කීවීරෝ(IWASE Kiichiro) මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක්
විජිත් Monday, 22 July 2024 09:15 PM
මාලිමාවට ජයවේවා !!!
Laksitha paris Monday, 22 July 2024 11:22 PM
හොද වෙලාවට අනුරට සජිත්ට වාගේ ජපන් බැරිවුනේ. මට පුලුවන් අනුරට ප්‍රංශ කියලා දෙන්න
UPALI Tuesday, 23 July 2024 08:31 AM
ධනවාදයට සාදරයෙන් පිළිගනිමු.......
PATTA hora Tuesday, 23 July 2024 09:36 AM
චැක්, පුතානෝ කැටුව ගියා නම් ජපන් කතා කරලා ණයක් ඉල්ලා ගන්න තිබුනා...
Bunny Preena Tuesday, 23 July 2024 09:37 AM
මෙම චායාරූප දැක්කහම සමහර අයගේ හෘද ස්පන්ධනය වැඩි වෙයිද දන්නේ නැහැ
Chandana Tuesday, 23 July 2024 09:55 AM
සුභපැතුම් -රාජ්‍ය තාන්ත්‍රික සබදතා වැඩි දියුණු වේවා .ටයි කෝට් දාලා ඉන්නවා.ලංකාවේදී නම් නිකන් සාමාන්‍ය මොඩෙල් උනාට ,එහෙ ගියාම ඇන්දිල්ල.මට පෙන්නේ මෙහෙදී ඇන්දිල්ල එහෙදී නෝමල් වගේ.රනිල් ට බැන්නට එයා හැමදාම තමන්ගේ අනන්‍යතාවය රැකගෙන හිටියා එහෙටත් එකයි මෙහෙටත් එකයි
Upul Tuesday, 23 July 2024 10:04 AM
සුභ පෙර නිමිත්තක්....
අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 10:27 AM
ජ.වි.පෙ.ට, මාලිමාව ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කියලා උඩු බිරුව මහත්වරුන්ගේ ශබ්දය දැන් අඩුවෙලා, ඊළග තර්කය රටක් පාලනය කරලා පුරුද්දක් නැහැ කියන තර්කයත් ආණ්ඩුව පිහිටුවාට පසුව කෙදිරියක් බවට පත් වෙනවා ඒකාන්තයි.
fairoos Tuesday, 23 July 2024 11:38 AM
ජයවේවා
ලලිත් පුෂ්පකුමාර Tuesday, 23 July 2024 12:26 PM
මෙන්න නියම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා
සෙනෙවිරත්න Tuesday, 23 July 2024 03:30 PM
අනුර නියම කතාවක් කලා ජපානේදී, ලංකාවේ බදු ගෙවන්නෙක් කියපු කතාවක්, මහින්ද යනවලු ඇම්බියුලන්ස් එකක් එක්ක එක පැත්තකට, ඒ වෙලාවේම රනිලුුත්යන වලු ඇම්බියුලන්ස් එකක් එක්ක අනිත් පැත්තට, අපේ බදු සල්ලි වැය වෙනහැටි කල්පනා කරකර බදු ගෙවන්නා පාරෙ අයිනට වෙලා හිටියලු අර දෙගොල්ල යනතුරු. ඕක තමයි වෙන්නේ
Ruwan De Silva Tuesday, 23 July 2024 04:56 PM
මේවා දැක්කාම වික්‍රමසිංහ - රාජපක්ෂවරුන්ව පිච්චෙනවා පිච්චෙනවා වගේ ඇති, එකයි මඩ පෝස්ටර් ගහන්නේ සමාජ මාධ්‍යවල...!