
(ඩී.ඒ.පතිරණ )
සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක්, රතු,කළු පාට හෙල්මට් දෙකක් සහ කළු බෑගයක් සමග ඌරුබොක්ක මාතර ප්රධාන මාර්ගයේ දම්පහල නාරම්පොල ප්රදේශයේ බෝක්කුවක් අසල තේ ඉඩමකට දමා ගොස් තිබියදී අද උදෑසන ඌරුබොක්ක පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙම වෙඩි තැබීම ඊයෙ (12) වැනි දින සවස මිද්දෙනිය ප්රදේශයේදී සිදුව තිබූ අතර එම වෙඩි තැබීමෙන් මිද්දෙනිය, උල්හිටියාව ප්රදේශයේ පදිංචි රේණු මල්කාන්ති (57) නැමැති කාන්තාව මිය ගොස් තිබුණි. අද උදෑසැන කුරුදු කැපීමට පැමිණි පුද්ගලයන් යතුරු පැදියක් තේ ඉඩමේ තිබෙන දැක ඒ පිළිබදව ඌරුබොක්ක පොලීසියට දැනුන් දීමෙන් අනතුරුව පොලීසිය පැමිණ ගොඩට ගෙන තිබූ අතර යතුරු පැදිය අසල තිබී යතුරු පැදියේ රක්ෂණ සහතිකය,ආදායම් බලපත්රය තිබී සොයාගෙන තිබුණි.
එම යතුරු පැදිය මිද්දෙනියේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය දැයි යන්න පරික්ෂණ පවත්වන බවට ඌරුබොක්ක පොලීසියේ වැඩබලන ස්ථානාධිපති මහින්ද මහතා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd