(ෂේන් සෙනෙවිරත්න)

වත්තේගම නගරයට ත්‍රිරෝද රථයකින් ආ මවක ඇගේ සිව් හැවිරිදි දරුවා අතහැර දමා ගොස් සිටියදී   නගරවාසීන් විසින් එම දැරිය පොලිසියට භාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ ආවේක්ෂණ කැමරා පද්ධති විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අද පෙරවරු 07.00 පමණ එම දැරිය තීරෝද රථයකින් පැමිණි කාන්තාවක විසින් එම දැරිය බස්සවා ගොස් ඇති ආකාරයයි.

පොලිසිය පවසන්නේ ද්‍රවිඩ භාෂාව කතා කරන එම දැරිය පදිංචි ගම් පළාත් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාදීමට ඇය දැනුවත් නොමැතිි බවයි.

කුඩා දැරිය බස්සවා යන ත්‍රී රෝද රථයේ අංකය පැහැදිලි නොමැති බැවින් නගරයේ අනෙකුත් ආවේක්‍ෂණ කැමරා පද්ධති පරීක්ෂා කොට දැරිය බස්සවා යන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් තොරතුරක් ලබා ගැනීමට පොලිස් විමර්ශන සිදු කරමින් පවතී.