(රංජිත් රාජපක්ෂ සහ සුරංග රාජනායක )
නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුලදී අනියම් බිරිදව ගෙළ කපා ඝාතනය කර සැකකරු ගම්පොළ පොලිසියට ඊයේ (22) දින පස්වරුවේ භාර වී ඇතැයි පොලීසිය කියයි.
අනතුරුව සැකකරු ගම්පොල පොලිසිය විසින් නාවලපිටිය පොලිසියට භාරදුන් බව නාවලපිටිය පැවසීය. මෙසේ ඝාතනය කර ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචි යෝග මලර් නැමති (39) හැවිරිදි තිදරු මවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර ජූනි මස 22 වන දින යලිත් තම නීත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ සිටියදි ඇය වරින් වර අනියම් සැමියා සමග දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවත්, ඇය ගෘහ සේවය සදහා විදේශ ගත වීමට සූදානම්ව සිට ඇති බවත්, එයට අනියම් සැමියාගේ දැඩි විරෝධයක් මතු වී තිබු බව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය කියයි.
ඝාතනයට ලක් වූ කාන්තාව ග්‍රාම සේවක සහතිකයක් ලබා ගැනිමට යන බව අනියම් සැමියාට දැනුම් දී ග්‍රාම සේවා කාර්යාලයට සිය වැඩිමහල් පුතා සමග ගොස් සිටියදී අනියම් සැමියා එම කාන්තාවට දුරකථනයෙන් කථා කර ඇය හමුවීමට පාලු බංගලාවට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු කාන්තාව එම පාලු බංගලාවට ගිය අවස්ථාවේ පිහියකින් ඇගේ ගෙළ කපා ඝාතනය කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි