IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්

(රංජන් කස්තුරි)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ  වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

පේරාදෙණිය කැලණිය සහ තවත් විශ්වවිද්‍යාල කීපයක උපාධි ප්‍රදානෝත්සව සඳහා දින නියම කරගෙන අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබුණ ද අනධ්‍යන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් එම උත්සව පැවැත්වීමට නොහැකි වී ඇතැයි එම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහන් කරයි.

එම නිසා උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව තිබෙන බව ද එමගින් උපාධිලාභීන්ට රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය උපාධි සහතික ලබා ගැනීමේ පමාවක් සිදුවනු ඇති බවද වාර්තාවේ.

මේ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිට  තිබෙන බව ද  විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (13)

අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්

Kumara Monday, 20 May 2024 09:32 PM

උපාධි ප්‍රධානෝත්සවය කල්යාම උපාධි සහතිකය ලබාගැනීමට බාධාවක් නොවේ. උපාධි ප්‍රධානෝත්සවය යනු උපාධි පිරිනැමීම සංකේතවත් කරන උත්සවයක් පමණි. එහිදී උපාධි සහතික ලබා දීමක් සිදු නොවේ.

:       1       6

primeshika Monday, 20 May 2024 10:15 PM

උපාධි ප්‍රදානෝත්සව යනු රජයේ සහ රටේ මුදල් නාස්ති කරන ක්‍රමයකි .ළමයින්ගේ සහ දෙමාපියන්ගේ කාලය සහ මුදල් නාස්ති නොකර සහතිකය තැපෑලෙන් ළමයින්ට ලැබෙන්න සලස්වන්න

:       2       8

KumaraTuesday, 21 May 2024 04:43 PM

ඔබ හෝ ඔබේ පවුලේ කිසිවෙකුත් විශ්ව විද්‍යාලයකට ගිහින් නැති බවයි මේ ‌කමෙන්ට් එකෙන් පෙනෙන්නේ. එහෙම ගිය අය දන්නවා උපාධි ප්‍රදානෝත්සවයක වටිනාකම...!

:       1       1

primeshikaWednesday, 22 May 2024 08:03 AM

ඡායාරූපයක් හා මතක සටහනක් වෙනුවෙන් කරන වියදම් හා වැය කරන කාලය අන්තිමහත්ය... උපාධී ප්‍රදර්ශනය දිනයට මාස කීපයකට පෙර දිනයක් ඔබගේ උපාධි සහතිකය උපාධිය සම්පුර්ණ කළ දිනය ලෙස සටහන් කර ඇත

:       0       2

Prabha Monday, 20 May 2024 10:26 PM

නිර්මාණශීලී තරුණයන්ගෙන් පිරුන විශ්වවිද්‍යාලයකට සේවකයන්ගේ උදව් නැතුව උපාධි උත්සවයක් සංවිධානය කරගන්න බැරිනම් ලැජ්ජා වෙන්න ඕනේ

:       2       4

සෙනෙවිරත්න Tuesday, 21 May 2024 03:03 AM

ජෙප්පො කියල පනින්න ඉස්සර කිව්වෙ,මෙතන හැම අයම ඉන්නවා,ආර්ථික අමාරු තියෙන , රටේ වර්ජනයක් තියෙනවා නම් ඒක ජවිපෙ වැඩක් කියල වැලලෙන්න හදන අයට කියන්නෙ.

:       4       2

MDharmasiriTuesday, 21 May 2024 10:08 AM

මෙච්චර රට වැටී තිබියදි මෙවැනි ඉල්ලිම් සාධාරණ නොවේ . බලාපොරොත්වනු ඇත්තේ රජය පෙරලා තමන්ට කැමැති අය පත් කරගැන්මටයි. එක කාලයක් මට මතකයි රට අන්ත අසරණව තිබියදි ද කොටසක් හිටියා සින නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම් වැනි දෑ කියු පිරිසක් මේත් ඒ වගේම අය හැටියටයි පෙනෙන්නෙ! ඔවුන් හිතනවා වගේ මෙවරත් ලැබෙයි

:       1       0

⚡⚡⚡⚡⚡⚡ Tuesday, 21 May 2024 04:16 AM

හෙන ගහපන් ගණන් බලාපන් කියලා තමයි කියන්න වෙන්නෙ

:       0       3

රටවැසියා Tuesday, 21 May 2024 04:32 AM

මේවායේ බොහොමයක් සේවකයින් මාලිමා සාමාජිකයන් කියලා අහන්න ලැබෙනවා තමන්ගෙ දේශපාලන වාසිතකා පක්ෂ නායකයො මේවා කරවනවා ඇති මාලිමා කාරයො සමග පෙරටුගාමියොත් ඉන්නවා වෙන්න පුළුවන් ඒනිසා උපාධිය ගැනීමට බලාපොරොත්තුව සිටින දරුවනේ නුඹලාට අසාධාරණයක් වෙලා කියලා හිතෙනවා නම් ජනාධිපතිවරණය වෙලාවෙ ඡන්දය ලකුණු කරන්න පෙර ඇතිවූ අසාධාරනය ගැන සිතපල්ලා

:       2       4

Warnasinghe Tuesday, 21 May 2024 06:13 AM

දරුවන් නැති පාලකයන් ට දරුවන් ගේ සහ දෙමාපියන් ගේ වේදනා නොතේරීම අරුමයක් නොවේ

:       6       2

kumara Tuesday, 21 May 2024 06:44 AM

මේක තමයි හොදම උදාහරණය මොන තරම් වෘත්තීමය නැති ද කියලා පෙන්වන මේ පිරිස. දරුවන් බිල්ලට තබා වර්ජන කිරීම! වෘත්තීය සාරධර්ම කෝ? ප්‍රශ්න විසදන්න ඇති නොහැකියාව සහ නොහික්මුනු ස්වභාවය මනාවට ඔප්පු කර තිබෙනවා. මේ තනතුරු වල සිටින අය ඉවත් කර, උපාධියක් සහිත මට්ටමට මේ තනතුරු ගෙන එන්න. නැතිනම්, කුහකත්වය නිසා රටක් අනාගතයක් මේ පුද්ගලයන් විනාශ කර දමනවා.

:       1       7

M.Dharmasiri Tuesday, 21 May 2024 10:18 AM

මෙයත් එකල හිටියනම් පිරිසක් කොපමන අපහසුකම් තිබුනත් සීනි නැතිව තේ බොන්නම් , මිරිස් නැතිව හොදි කන් නම් මැතිනි කියනවනම් ඒකත් නොකර ඉන්නම් කියූ පිරිසෙ නූතන පරම්පරාව විය හැකියි.

:       0       0

නිශ්ශංක Tuesday, 21 May 2024 03:50 PM

සාමාන්‍යයෙන් මැතිවරණ ආසන්න කාලයේ සෑම රජයක්ම වැටුප් වැඩිකිරීම කලා ඒනිසා අපේ ඉල්ලීම් නිසා වැටුප් වැඩිකලා කියලා උද්ඝෝෂකයන් මෙහෙයවූ පක්ෂ නායකයො කියනවා මේ වර්ජන දේශපාලන අවශ්‍යතා අනුව සිදුවන ක්‍රියාවන් කියලා කියන්න පුළුවන් ඉතින් තමන්ගේ දරුවන්ට සිදුවෙන හිරිහැර ගැන හැගීමක් තියෙන දෙමාපියන් වර්ජන මෙහෙයවන පක්ෂ හදුනාගෙන මැතිවරණ අවස්ථාවල කතිරය පාවිච්චි කරන්න කියලා සිහිපත් කරන්නෙමු

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 511 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 313 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site