
(චමිලා අල්විස්)
හොරණ රෝහල් මංසන්ධීයේ පදික මාරුව අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මිය ගොස් ඇති අතර තවත් අයකු තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බව හොරණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බැල්ලපිටිය ,සඳගිරි උයන ප්‍රදේශයේ පදිංචි ඔල්වින් ඉන්ද්‍රසිරි නමැති 75 හැවිරිදි විශ්‍රාමික බැංකු නිලධාරියකු වන දෙදරු පියකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අද පෙරවරු හයට පමණ මොරගහේන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වැන් රථයක් හොරණ දෙස සිට අඟුරුවාතොට දෙසට ගමන් කරමින් සිටියදී අඟුරුවාතොට දෙස සිට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවළ මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය මාසයේ නවවැනිදාත් හොරණ සිට දම්මුල්ල නිවස වෙත එද්දී ඉංගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් වැටුණු දෙයක් ගැනීමට යාමේදී තවත් යතුරුපැදියක වැදී විශ්‍රාමික ගුරුවරියක් මියගියා. ඔය මාර්ගයේ අනතුරු ඉතාම වැඩියි. ඒත් කිසිදාක මාර්ග නීතී බලන කිසිවෙකුවත් දකින්නම නැහැ...
මම දැකපු හැම මාරක අනතුරක්ම වගේ යතුරුපැදි තමයි අනතුරු වෙලා තිබෙන්නේ. පාර තෙමිලා තියෙද්දී බර වාහන, දිගින් වැඩි වාහන ඉස්සර කරන්න යන්නේ බොහෝම ප්‍රවේසමින්, ඉවසීමෙන් රිය පදවන්න ඕනෑ. හදිසියේ යූ ටර්න් ගහන්න එපා. යතුරුපැදියක් පදවනවා නම් දකුණු පස මාර්ගයකට හරවන්න පාර මැද නවත්තන්න වෙනවා. ඉදිරියෙන් එන වාහන වලට ඉඩ දෙන්න. නමුත් මේකත් භයානකයි. මොකද පිටු පස්සෙන් ඇවිත් හප්පන නිසා. හොඳ දේ වම් පැත්තෙන් නවත්තා ගෙන ඉඳලා මං තීරු දෙක නිදහස් වුණාම හරවන එක. මේක ටිකක් මෝඩ වැඩක් වගේ පෙනෙයි නමුත් ජීවිතය ඊට වඩා වටිනවා. පිටු පස්සෙන් බර වාහනයක් ලඟින් එනවා නම් වහාම ඉවත් වෙන්න...