
(මනෝප්‍රිය ගුණසේකර)
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම සහ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඒ බව දැනුම් දුන්නාය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඉන්දීය සමාගමක් සමග ඇති කරගත් ගිවිසුමක් ඉන්දීය රජය සහ මෙරට රජය සමග ඇති කරගත් ගිවිසුමක් ලෙස සැලකීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය නීති විරෝධී මෙන්ම අදූරදර්ශී බව හෙයින් අදාළ සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලැබූ කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, දිලෙන පාත්‍රගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් වල වගත්තරකරුවන් වශයෙන් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඉන්දීය සමාගමක් වන ‘අදානී’ සමාගම මන්නාරම ප්‍රදේශයේ සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදි කිරීමට යෝජනා කර ඇතැයිද එම ප්‍රදේශයේ සුළං බලාගාර ඇති කිරීමේ ව්‍යාපෘතිය හේතූවෙන් එම ප්‍රදේශය හරහා ලංකාවට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට විශාල හානියක් විය හැකි යැයිද ස`ඳහන් කරන පෙත්සම්කරුවෝ කුරුල්ලන්ගේ ජීවිත හානි වීමේ මේනම තුවාල වීමේ අවධානමක් ඇතැයිද සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදානි සලකන තුරු සලකා බල බල ඉන්න.
අන්තිමට රනිල්ගේ වැඩ ටිකම ඉදිරියට යයිද ?
පසුගිය ආණ්ඩුව ඉවක් බවක් නැතුව ඉන්දියාව සමග ගිවිසුම් ගත කළ ව්‍යාපෘති කෙරෙහි නැවත පරීක්ෂණය කරන එක හුඟාක් හොඳයි. ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායි, පරිසර හිතකාමී ලෙස එම ව්‍යාපෘති ආදියෙන් සාර්ථක පල නෙලාගන්න පුළුවන් වෙන්නේ ජපානය, කොරියාව වැනි රටවල් සමඟ ගිවිසුම් ගත වුණොත් පමණයි.
අපේ ගෙදර හදන පූසාත් මං හිතන්නේ ඒකා මේ සුළං බලාගාර 10ක් අවුරුද්දක් මරනවට වැඩිය තනියම කුරුල්ලෝ මරනවා. දිලන්ත විතානගේ මහත්තයෝ එයාව අරන් යනවා නම් හොඳයි, එයත් මහා විශාල කරදරයක් දැන්...!
විදුලි බලාගාරයට දුම්රිය ඇන්ජින් 20 යි , ගෙවන්න බැරි ව්‍යාපෘති වල ණය, ඒත් අදානිට ලාභයි. නොදී කොහොමෙයි ජරාව කාලා රට ගියානේ දැන් ?