
(අංජුල මහික වීරරත්න)
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ දිවයිනට පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් (Aleksander Gutsan) මහතා අතර හමුවක් කොළඹදී පැවැත්විණි.
දුෂණය, සයිබර් අපරාධ මර්දනය ඇතුළු අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අතර අත්සන් කිරීම මෙහිදී සිදු විය.
දෙරට අතර නීතිමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු නීතිමය වශයෙන් වැදගත් වන කරුණූ සම්බන්ධයෙන් හා සුහදත්වය වර්ධනය කර ගැනීම පිළිබදව මෙහිදී සාකච්ඡා විය. දුෂණය, සයිබර් අපරාධ හා සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම දෙරටටම ඇති ප්‍රධාන අභියෝගයක් වන බැවින් ඒ වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු බව රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාව තුළ නවීණ තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ හා, දුෂණ විරෝධි කටයුතු සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ඇතුළු නීති විරෝධි කටයුතු මර්දනය සදහා නවීණ තාක්ෂණය සහාය ලබාදීම වෙනුවෙන් කෘතඥතාවය පළ කරන බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
නවීණ තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ, දුෂණ විරෝධි කටයුතු, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සදහා තොරතුරු හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික පුහුණුව ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd