
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සිනමා, කලා සංස්කෘතික කටයුතු මෙන්ම භාවනා සහ බෞද්ධ දර්ශනය හැදෑරීමේ ආයතන සඳහා "කලා සංස්කෘතික ගම්මානයක්" ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කොළඹට නුදුරින් පිහිටි අක්කර 27ක භූමි ප්‍රමාණයක් ලබා ගෙන මෙම ආයතනය පිහිටුවීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පුරාවිද්‍යාත්මක පරික්ෂණ සිදු කිරීමේදී කැණීම් සිදු කිරීමෙන් තොරව, GPR (Ground Penetrating Radar) ඇතුළු නවීන තාක්ෂණය භාවිත කරමින් පොළොව යට පවතින පුරාවස්තු පරීක්ෂා කිරීමේ නවීන ප්‍රවේශයක් අනුගමනය කරන බව කාරක සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීහු මෙහිදී පැහැදිළි කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd