(ජනුර් කිචිලාන්)

ශ්‍රී ලංකාව ඒඞ්ස් අධි අවදානම් රටවල් 21 අතරට ඇතුලත් වී ඇතැයි  ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් පිලිබද විශේෂඥ වෛද්‍ය චිත‍්‍රාන් හතුරුසිංහ මහතා පැවසිීය.

දැනට ලංකාවේ සමස්ථයක් ලෙස වාර්තා වී ඇති එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යාව 9000 ක් පමන වන බවත් මීට වඩා වැඩි පිරිසක් වාර්තා නොවී සමාජයේ සිටිය හැකි බව වෛද්‍ය චිත‍්‍රාන් හතුරුසිංහ මහතා පැවසිීය.

විශේෂයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එච්අයිවී ආසාදිතයින් 400 ක් පමණ හදුනාගෙන සිටිනවා.  එච්.අයි.වී ආසාදිත තරුණ ප‍්‍රජාව වැඩි වශයෙන් වාර්තා වනවා.  අවුරුදු 15 - 24 සහ 30 - 49 වයස් කාණ්ඩ වල එවම පිරිස වාර්තා වනවා.

විදෙස්ගත ශ‍්‍රමිකයන්, බර වාහන රියදුරන්, සංක‍්‍රාන්තිකයන්, සමරිසි පුද්ගලයින්, බීච් බෝයිස්, ගනිකා වෘත්තියේ යෙදෙන්නන් අනෙකුත් දිස්ත‍්‍රික්ක සමග සැස`දිමේදී කුරුණෑගල විශේෂයෙන් සදහන් කළ  යුතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට මෙය ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. 2020 ට වඩා 2025 වන විට එච්අයිවී ආසාදිතයින් 100% කින් වැඩි වී තිබෙනවා. 2020 වසරේදි එච්අයිවී ආසාදිතයන් 363 ක් වාර්තා වුණා.  2025 වන විට එය 900 කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තාවී තිබෙනව.

එච්අයිවී මරණ 820 ක් වන අතර 2026 වසරේ දැනට 6 දෙනකු මියගොස් තිබෙනවා.

විශේ්ෂයෙන් එච්අයිවී ආසාදිතයින් හදුනාගැනීම සදහා වෛද්‍ය පරීක්‍ෂණවලට ස්වෙච්චාවෙන් යොමුවිය යුතු වෙනවා. , එසේ නොකර සමාජයෙන් කොන්වීම යන බියෙන් සැගවී සිටීම සුදුසු විසදුමක් නොවන බැවින් වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය ප‍්‍රතිකාර ගැනීිමට යොමුවන ලෙස වෛද්‍ය හතුරුසිංහ මහතා ප‍්‍රජාවගෙන් ඉල්ලිීමක් කළේය.

ඒ මහතා එසේ පැවසුවේ දෙසැම්බර් 01 වන දිනට යෙදෙන ලෝක ඒ්ඞ්ස් දිනය නිමිත්තෙන් කුරුණෑගලදී මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ අවස්ථාවේදී ය .