
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිට්වා ඇවිත් වසරක් ගෙවෙන විට දැන්වත් පාඩමක් ඉගෙන ගෙන ආපදා කළමනාකරණ නව යාන්ත්‍රණයක් ස්ථාපිත කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දිට්වා සුළි කුණාටු ඛේදවාචකයෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී, ජීවනෝපාය ගේ දොර අහිමි වී, ජන ජීවිතය කඩාකප්පපල් වූ බව කී විපක්ෂ නායකවරයා මේ ඛේදවාචකයේ පළමු වසර සමරන අවස්ථාවේ ජීවිත, ගේ දොර, ඥාති හිතමිත්‍රාදීන් අහිමිවූ සියලු දෙනා වෙනුවෙන් බලවත් කණගාටුව පුදකර සිටින බවද කීය.
විනාශය සිදුවූ මොහොතේ සිට රටේ ජනතාවට ආධාර උපකාර කරන්නට ආපදා කළමනාකරණ ක්ෂේත්රයේ සියලු නිලධාරීන්, ආරක්ෂක අංශ, පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කළ හැකි උපරිම දේ ඉටු කළ බවත් ජීවිත පරදුවට තබා විපතට පත් ජනතාව ගැන පරාර්ථකාමීව අනුන් ගැන සිතා කළ සත්කාරයට සමස්ත ලක්ෂ 15ක් පමණ වූ රාජ්‍ය නිලධාරීන්ට ස්තූතිය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd