(රෝෂන් තුෂාර)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීයේය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට ඔන්ලයින් මාර්ගයෙන් සාක්ෂි දීම සඳහා ගෝඨාභය මහතා මෙසේ අධිකරණයට පැමිණ ඇත.