IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අදානිගෙන් අඩුවට විදුලිය ගන්න සාකච්ඡා අරඹයි

(අංජුල මහික වීරරත්න)

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඩොලර් ශත හයකට විදුලිය මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අදානි සමාගම විදුලි ඒකකයක් වෙනුවෙන් ඇමරිකා ඩොලර් සත 8.25ක මිලක් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

"අපි රජයක් විදියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයකට විදුලිය මිලදී ගන්න අපි සාකච්ඡා කරනවා.  රටට වාසියක් වන විදියට ඒ මිල ගණන් සංශෝධනය කරගන්න අප බලාපොරොත්තු වෙනවා.පුනර්ජනනීයම කිව්වාට හරියන්නේ නැහැ.

පුනර්ජනනීය කියන එකේ රටට ලාභයක් තියෙන්නේ ඕනේ. ඒකෙන් පරිසරයට වෙන හානිය පමණක්ම නොවෙයි අපි සලකන්නේ. රටේ ජනතාවට සහ ආර්ථිකයට වෙන බලපෑමත් සැලකිල්ලට ගන්නවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (3)

අදානිගෙන් අඩුවට විදුලිය ගන්න සාකච්ඡා අරඹයි

අකිල Tuesday, 28 January 2025 04:36 PM

ඉතින් ඕකට අදනිගේ පස්සෙම යන්න ඕනෙද ? දේශීය සමාගම් 5ටත් අඩු ගණනකට දෙන්න පුළුවන් කියලා තියනවා නේද? ඉන්දියාවෙයි, චීනෙයි වෙනස ඔන්න ඕකයි, චිනේ පොඩි රටවල් එක්ක බිස්නස් කරනවා. ඉන්දියාවේ ඒ ගොල්ලන්ගේ ජරාව දේශපාලන බලපෑමෙන් බලෙන් ම පොඩි රටවල් වල ඇඟේ ගහනවා

:       0       0

Toni Wednesday, 29 January 2025 12:38 AM

ඉන්දියානු කොලනියක් කරන අදානී සාකච්ඡා වහා හකුලා ගනිව් .මීට ටොම් පචයා

:       0       4

ranjith Wednesday, 29 January 2025 05:04 AM

බොරැ විරෝධයක් පලා, අන්තිමට ඒකත් සිදුවේවි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site