(අංජුල මහික වීරරත්න)
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ඩොලර් ශත හයකට විදුලිය මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අදානි සමාගම විදුලි ඒකකයක් වෙනුවෙන් ඇමරිකා ඩොලර් සත 8.25ක මිලක් ඉල්ලා තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
"අපි රජයක් විදියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයකට විදුලිය මිලදී ගන්න අපි සාකච්ඡා කරනවා. රටට වාසියක් වන විදියට ඒ මිල ගණන් සංශෝධනය කරගන්න අප බලාපොරොත්තු වෙනවා.පුනර්ජනනීයම කිව්වාට හරියන්නේ නැහැ.
පුනර්ජනනීය කියන එකේ රටට ලාභයක් තියෙන්නේ ඕනේ. ඒකෙන් පරිසරයට වෙන හානිය පමණක්ම නොවෙයි අපි සලකන්නේ. රටේ ජනතාවට සහ ආර්ථිකයට වෙන බලපෑමත් සැලකිල්ලට ගන්නවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕකට අදනිගේ පස්සෙම යන්න ඕනෙද ? දේශීය සමාගම් 5ටත් අඩු ගණනකට දෙන්න පුළුවන් කියලා තියනවා නේද? ඉන්දියාවෙයි, චීනෙයි වෙනස ඔන්න ඕකයි, චිනේ පොඩි රටවල් එක්ක බිස්නස් කරනවා. ඉන්දියාවේ ඒ ගොල්ලන්ගේ ජරාව දේශපාලන බලපෑමෙන් බලෙන් ම පොඩි රටවල් වල ඇඟේ ගහනවා
ඉන්දියානු කොලනියක් කරන අදානී සාකච්ඡා වහා හකුලා ගනිව් .මීට ටොම් පචයා
බොරැ විරෝධයක් පලා, අන්තිමට ඒකත් සිදුවේවි