
(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වූ සිව් හැවිරිදි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පවසයි.
මෙසේ අතුරුදහන් වි සිටියදි සොයාගනු ලැබුවේ නල්ලතන්නිය ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිවනාදන් අභිලාෂ් නැමති දරුවයි.
සිය මව්පියන් සමග නොර්වුඩ් ඩන්කන් ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක පැවති විවාහ උත්සවයකට දරුවා පැමිණ ඇති බවත්, එම දරුවා (18) දින රාත්‍රියේ නිවසට ආසන්නයේ පිහිටි ළදු කැළැව වෙත ගොස් ඇති බවත්, පසුව ළදු කැළැව තුලදි දරුවාට ආපසු නිවසට ඒමට මාර්ගය සොයා ගැනිමට නොහැකිව ළදු කැළැව තුල අතරමංවි සිට ඇති බවට සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය විය.
දරුවා අතුරුදහන් විම සම්බන්ධයෙන් දරුවාගේ මව්පියන් සහ ඥාතින් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් පසු නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ එම වතුයායේ වතු කම්කරුවන් එක් (18) දින උදැසන සිට සිදු කළ සොදිසි මෙහෙයුමකදි දරුවා සොයා ගැනිමට හැකි බවයි නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවැසීය
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතුරුදන් වූ සිඟිත්තා ළඳු කැලෑවකින් හමුවේ
MD Tuesday, 18 June 2024 09:36 PM
කිසිම ශබ්දයක් නොඇසෙන දුරකට දරුවා යනතුරු(අවුරුදු 4)මේ දෙමාපියන් කොතරම් දුරකට නොසිහියෙන් ඉන්න ඇතිද?ශෝචනීයයි.දිවියන් ගැවසෙන ප්‍රදේශයක් නේද?දෙමව්පියන්ට නීතිය ක්‍රියාත්මක කරන්න නොසැලැකිලිමත් භාවයට.දරුවට මරණ බිය දැනෙන්නත් ඇති?
Bunny Preena Thursday, 20 June 2024 11:23 AM
ඔය ප්‍රජාවේ ඉන්න ගොඩක් අම්මලා තාත්තලාගේ බුද්ධිමත්භාවයේ සිතිමේ අඩුවක් තියනවා