IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අතීතය ගැන කතා කර කාලය කා දැමීම අපරාධයක්

(අංජුල මහික වීරරත්න)

අතීතයේ සිද්ධ වුණ දේවල් ගැන කතා කරමින් කාලය අපතේ යැවීම අපරාධයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි  අමරසූරිය මෙනවිය පැවසුවාය.

අදාල කාර්ය කොතනින් හෝ පටන් ගැනීම ඉතාම වැදගත් බව කී අග්‍රාමාත්‍යවරිය පසුගිය රජයන් වලදී බොහෝ රජයේ ආයතන වල තීන්දු තීරණවලට හේතුව දේශපාලන අධිකාරීයේ බලපෑම බව සඳහන් කළාය.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් සමග බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. 

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද  මහත්ම මහත්මීහු විදුහල්පති සහ ගුරු සංගම්වල සාමාජිකයෝ මීට  සහභාගී වූහ. 



අදහස් (4)

අතීතය ගැන කතා කර කාලය කා දැමීම අපරාධයක්

Roni Saturday, 02 August 2025 01:32 AM

දැන්ද මේවා කියන්නේ...? ඔයාලගේ ලොක්කගේ ඉඳලා සොක්කා වෙනකල් කරන්නේ ඕකනේ...

:       0       0

කමනි Saturday, 02 August 2025 03:20 AM

ඔව්. අවුරුදු 2500 ගිහින්ය... අපි තවම එතැනමයි. ඔය මොඩියුල ක්‍රමය පටන් ගැනීමේදී පහසුකම්, වියදම් ආදිය නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති වේවි. ඒත් සම්පූර්ණයෙන් අහෝසි නොකර ටික ටික හරි කළොත් අධ්‍යාපන ක්‍රමය ටික ටික හරි හැඩ ගැසේවි.

:       0       0

ගුණරත්න Saturday, 02 August 2025 07:47 AM

ඒක තමා මෙහෙ පොඩි ජෙප්පන්ගෙන් ආණ්ඩුව මෙතෙක් කොලේ මොනවද ඇහුවම අපට බනිනවා 76 වසරක සාපයක් කියලා, ඒ උත්තමයෝ සාපෙන් දුක් විඳින අප ගැන අනුකම්පාවෙන් ගිය නොවැම්බර් වල තවුතිසාවෙන් චුත වෙලා මෙහෙ ඇවිත් වගේ මන් හිතන් ඉන්නේ...

:       0       0

Saman Saturday, 02 August 2025 10:18 AM

අතීතය ගැන කතා කරකර ඉන්නේ ඔබ තුමියන්ලානේ. තවම හොරා කාපු සල්ලි අයකර ගත්තෙත් නැහැ. ජනතාවගේ ජීවන බර අඩු කරේත් නැහැ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site