
(සුරංග රාජනායක)
බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එකොළොස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
එම බඹරුන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනකුට වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි කාන්තාවන් අට දෙනකුට හා මෙන්ම වෛද්‍ය සායනය පැවැත් වූ වෛද්‍යවරියටද ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අටබාගේ කලවැල්ගොල්ල ප්‍රදේශයේ ගසක බැඳ තිබූ බඹර වදයකට උකුස්සකු පහර දී ඇති බව ගම්මු පවසති.
එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවකට මෙම බඹරුන් විද ඇති අතර ඇය කෑ ගසමින් බඹරුන්ගෙන් බේරීම සඳහා මෙසේ රෝහල වෙත දිව ගොස් තිබේ.
එම අවස්ථාවේ රෝහල තුළ වෛද්‍ය සායනයක් පැවැත්වෙමින් තිබීම නිසා වැඩි පිරිසක් එහි එක්ව සිට ඇත. මෙම කාන්තාව කෑගසමින් එම පිරිස වෙත යාමත් සමඟ ඇය පසුපස පැමිණි බඹරුන් ඔවුන් සියල්ලටම ප්‍රහාර එල්ල කර තිබේ.
මේ පිරිස රෝහලේ ජනෙල් දොරවල් වසා ගෙන හා ගිනි ගොඩවල් ගසා බේරීමට උත්සාහ දරා ඇති අතර පසුව ගිලන් රථ දෙකක් රෝහල වෙත ගෙන්වා බරපතළ ප්‍රහාරයන්ට ලක්වූ පිරිස ගම්පොළ රෝහල වෙත යවා තිබේ.
රෝහල අසල තිබූ වෙළඳසැල්වල පිරිස් හට ද බඹර තර්ජන එල්ල වීම සමග ඔවුන්ද වෙළඳසල් වසා ගිනි දල්වා දුම් ගසා බේරීමට උත්සහ ගත් බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය සිදුවූයේ කෙසේද යන්න ගැන සිතීම පවා හාස්‍යජනක ය, මිනිසුන්ට දුක් විඳීම ගැන කණගාටු වුවද ... නැවතත්.. නිකමට හිතන්න කාන්තාවක් රෝහලකට දුවගෙන ඇවිත් බඹරුන් පස්සෙන් එනවා කියලා. නිකන් කාටුන් එකක් වගේ..