
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අංක තහඩු නොමැති ජීප් රථයක් සහ සැකකරුවන් දෙදෙනකු නූරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිසියට ඉදිරිපත් කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 34 සහ 40 වයස්වල පසුව පුද්ගලයන් දෙදෙනෙකි.
දෙහිඕවිට අටළුගම වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ නිවෙසක අංක තහඩු නොමැති ජීප් රථයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව නූරිය පොලිස් ස්ථානයේ නිලධාරීහු කණ්ඩායමක් එම නිවෙසට වැටලූහ.
එහිදී එම ජීප් රථයට අදාල වලංගු බලපත්‍ර සහ ලියවිලි ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වී ඇති අතර එම ජීප් රථය තුළ තිබී වාහන අංක තහඩු දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ජීප් රථය අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අංක තහඩු නැති ජීප් රථයක් සමග 2ක් අත්අඩංගුවට