ශ්රී ලංකා ආර්ථිකය පසුගිය දශකය තුළ දැඩි ආතතියකට මුහුණ දී ඇති අතර, එය 2022 දී නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය කරා ගමන් කරවීය. මෙම ආර්ථික අර්බුදය හදිසි සංසිද්ධියක් නොව, දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතා, ප්‍රතිපත්තිමය වැරැදි පියවර, කොවිඩ් 19 වසංගතය වැනි ගෝලීය කම්පන සහ අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වයේ ප්‍රතිඵලයකි.
මෙම අර්ථික අර්බුදයේ ලක්ෂණ මතු වූයේ මීට වසර 10ක පමණ කාලයක සිටය. එකල සිටි ආර්ථික විශ්ලේෂකයන් මේ පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබුණ ද ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලන අධිකාරිය ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම ආර්ථික අර්බුදය ඔඩු දිවීමට හේතු විය. පාලකයන් ක්‍රියා කළේ අවස්ථානුකූලව ආර්ථිකය මෙහෙය වීමට පමණක් වූ අතර මෙමගින් ආර්ථිකය දිගින් දිගටම දුර්වල වෙමින් පැවතිණි. මේ නිසා බාහිර හෝ අභ්‍යන්තර කම්පන හමුවේ ආර්ථිකය ඉතාමත්ම වේගයෙන් කඩා වැටෙන්නට ඉඩ කඩ විවර විය.
මෙවන් පසුබිමක ආර්ථිකයට එල්ල වූ පළමු ප්‍රහාරය වූයේ 2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයයි. ඒ හරහා සිදු වූ ප්‍රබල බලපෑම වූයේ විදේශ විනිමය ලබා දෙන සංචාරක කර්මාන්තයට දැඩි බාධා එල්ල වීමයි. පසුව 2020 වසරේ ඇති වූ කොවිඩ් 19 වසංගතය හමුවේ අාර්ථිකය දෙවැනි ප්‍රහාරයට ලක් විය. කොවිඩ් හමුවේ රට වසා දැමීමට පවා සිදු විය. දිගින් දිගටම ඇති වූ මෙවන් කම්පන හමුවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය දේශීය වැඩපිළිවළක් සහ ප්‍රතිපත්ති සම්පාදනයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අර්ථිකය ඍණ ආර්ථික වර්ධනයක් කරා ගමන් කෙරිණි. විදේශ විනිමය අනුපාතය අඛණ්ඩව පිරිහීම, දේශීය ආදායම පහළ යාම සහ වියදම් ඉහළ යාම, අයවැය හිඟය, ගෙවුම් ශේෂ හිඟය දිගින් දිගටම ඉහළ යාම මෙම සෘණ ආර්ථික වර්ධනයට හේතු විය. මේ හේතුවෙන් රජයට දිගින් දිගටම ණය ගැනීමට සිදු විය. ශ්‍රී ලංකාවේ, 2021 දී ගෙවුම් ශේෂ හිඟය (BOP) වාර්තාගත ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක් වූ අතර, මුදල් මුද්‍රණය සැලකිය යුතු ලෙස වැඩි විය. මෙය සිදු වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.2 ක අයවැය හිඟයක් තිබියදීය. නිසි ලෙස කළමනාකරණය නොවූ අයවැය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟය අඛණ්ඩව පැවැතීම හේතුවෙන් මෙම ආර්ථික අර්බුදය උග්‍ර විය. 2022 වර්ෂය ආරම්භයත් සමග උද්ධමනය ද ශීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර එමගින් පීඩනයට පත්වූ රටේ මහජනයා වීදි බැසීම ආරම්භ කළහ. මේ අනුව රට යථා තත්වයට පත්වීමේ මාවත තුළ ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ, උපායමාර්ගික ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන ඵලදායී ලෙස භාවිත කිරීම සහ ආර්ථිකයේ විවිධ අංශ හරහා ගනු ලබන ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය මත රඳා පවතිනු ඇත.
දුර්වල ණය කළමනාකරණය ඉහළ පොලී අනුපාත සහ බාහිර වාණිජ ණය මත දැඩි ලෙස රඳා පැවතීම ශ්‍රී ලංකාව ණය උගුලකට හසුවීමට මූලික හේතුවකි. දුර්වල මුදල් පාලනය දිගු කාලීන මූල්‍ය හිඟයට බලපෑවේය. ගෝලීය වශයෙන් භාණ්ඩ මිල ගණන් ඉහළ යාම ද තවත් එක් හේතුවකි. මේ හේතුවෙන් ආනයන වියදම් අපනයන ආදායමට වඩා ඉහළ ගියේය. මෙවැනි හේතු මත ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශවීම් සීමා වූ අතර සහයෝගිතා ගිවිසුම් යටතේ වෙළෙඳ ගනුදෙනු සඳහා ද බලපෑම් ඇති විය. මීට අමතරව රට තුළ පැවැති දේශපාලන අස්ථාවරත්වය ද ආර්ථික අර්බුදයක් නිර්මාණය වීම සඳහා බලපෑවේය. දේශපාලන ප්‍රතිපත්ති තුළ විනිවිදභාවයක් නොවීම හේතුවෙන් අයෝජකයන් සතු වූ විශ්වාසය කඩාවැටීම හරහා අයෝජන ඉවත් කරගැනීම් ද සිදු විය. රජය කෙරෙහි තිබූ මහජනතාවගේ විශ්වාසය ද බිඳ වැටුණී.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳව සලකා බැලීමේදී ඉතිහාසය තුළ ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ස්ථාවරත්වයක් හෝ දිගු කාලීන දැක්මක් හෝ දක්නට නොලැබුණි. මුල්‍ය ප්‍රතිපත්තිවල වර්තමාන තක්සේරුව තුළ ස්ථාවරත්වය වැඩි දියුණු වන තත්වයක් දැකගත හැකිය. එහෙත් විශ්වසනීයත්වයේ දුර්වලතා පවතී. එයට හේතු වන්නේ මෙරට බදු ප්‍රතිපත්තිවල නිරන්තරයෙන් සිදුකරන වෙනස්කම්ය. බදුකරණයේ නිතර නිතර සිදුවන වෙනස්කම්, අධික ණය ගැනීම්, රාජ්‍ය ආයතන පාඩු ලැබීමෙන් විදේශ අයෝජකයන්, ආයතන සහ මහජනයා රජය පිළිබඳ පවතින විශ්වාසයට හානි සිදු වේ. මූල්‍ය ප්‍රතිපත්තිවල සාර්ථකත්වය සඳහා බලපෑ එක් හේතුවක් වූයේ රජයේ වියදම්වල අකාර්යක්‍ෂයමතාව අවම කිරීමට උත්සාහ කිරීමයි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අනාගතයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය මතය.
වර්තමාන බදු ප්‍රතිපත්ති ආදායම් ව්‍යාප්තියේ සාධාරණතාව සහ ආර්ථික වර්ධනයට ඇති බලපෑම පිළිබඳව සලකා බැලීමේදී බදු ප්‍රතිපත්ති පුළුල් වීම රටේ ආර්ථිකය කෙරෙහි යහපත් බලපෑමක් ඇති කර ඇත. විශේෂයෙන්ම 2022 වර්ෂයෙන් පසු නව බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබේ. එමෙන්ම සැලකිය යුතු ලෙස ආර්ථික අර්බුදය නිවැරැදි කිරීමේ පියවර ගෙන තිබෙන බව පැහැදිලිය. නව බදුක්‍රම හඳුන්වා දීම හරහා බදු පදනම පුළුල් කර තිබේ. ඒ තුළින් බදු ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. කෙසේ නමුත් රාජ්‍ය ණය තවමත් ඉතා ඉහළ මට්ටමක පවතී. රටේ ආර්ථික ස්ථාවරත්වය අඩපණ කිරීමට මෙය ප්‍රධාන හේතුවක් වේ. කෙසේ වුවද වර්තමාන බදු ප්‍රතිපත්ති හරහා ඍජු බදු පදනම පුළුල් වී ඇත. එහෙත් උද්ධමනය ඉහළ යාම මත සැබෑ ආදායම් පෙන්නුම් නොකරන නිසා මූර්ත ආදායම නොසලකා හැර බදු පනවා ඇත. මේ නිසා මධ්‍යම ආදායම්ලාභීන් මෙන්ම සාමාන්‍ය ජනයා පීඩාවට ලක්ව ඇත. කෙසේ වුවද ආර්ථික කාර්යක්ෂමතාව සමග සාධාරණත්වය සමතුලිත කිරීම සඳහා වඩාත් ප්‍රගතිශීලී, ඉලක්කගත බදු ක්‍රමයක් අවශ්‍ය වේ.
රාජ්‍ය ණය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් පවතින අභියෝග පිළිබඳව සලකා බැලීමේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීමට පෙර බාහිර රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ඉක්මවා ගියේය. තිරසාර නොවන ණය එනම් සංකීර්ණ ප්‍රතිව්‍යූහගත කිරීමක් අවශ්‍ය වන අති දැවැන්ත ණය ප්‍රමාණයක් තිබේ. ණය පිළිබඳව පවතින අභියෝග වන්නේ විනිවිදභාවය අඩු වීමයි. අනෙක් ගැටලුව වන්නේ මෙරට පවතින දුර්වල නීති රාමුවයි. එනම් පුළුල්, නවීන රාජ්‍ය ණය කළමනාකරණ පනතක් නොමැතිකම අභියෝගයකි. එහි ප්‍රතිඵලයක් ලෙස විනිවිදභාවයෙන් තොර ණය ලබා ගැනීම් සිදු වී තිබේ. එමෙන්ම දේශීය වශයෙන් පවතින මූල්‍යකරණ ධාරීතාව සීමිත වේ. ඒ හේතුවෙන් මුදල් මුද්‍රණය මත දැඩි ලෙස රඳා පැවැතීම, උද්ධමනය සහ මුදල් අවප්‍රමාණයට හේතු විය. ණය කළමනාකරණ දුර්වලතා මෙන්ම සංකීර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සහ දිගුකාලීන සැලසුම් කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් මෙවලම් සහ විශේෂඥතාවක් නොමැතිකම තවත් ගැටලුවකි. එමෙන්ම විශාල වූ ණය සේවා ආපසු ගෙවීම් සංවර්ධන වියදම් ඉක්මවා යාම හා රජයේ ණය සඳහා දේශීය බැංකු මත යැපීම මත මූල්‍ය ස්ථායිතා අවදානම් ඇති කරයි.
ආර්ථික අර්බුදය ජනතාවගේ ජීවන තත්වය කෙරෙහි ඇති කර ඇති බලපෑම පිළිබඳව සලකා බැලීමේ දී දරිද්‍රතාව ඉහළ යාම ප්‍රධාන වෙයි. උද්ධමනය සහ රැකියා අහිමිවීම් හේතුවෙන් 2022-2023 කාලය තුළ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටුණි. කාබනික පොහොර ගැටලුව හේතුවෙන් කෘෂිකර්මාන්තය කඩා වැටුණි. ඒ හේතුවෙන් ආහාර අනාරක්ෂිතාව ද ඇති විය. කෘෂිකර්මාන්තයේ සහ උද්ධමනයේ බාධා බොහෝ ප්‍රදේශවල මන්දපෝෂණය සහ කුසගින්න ඇති කළේය. සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ද කඩා වැටීමට හේතු විය. බොහෝ වෘත්තිකයන්, පුහුණු සේවකයන් සහ තරුණ පිරිස් වඩා හොඳ අවස්ථා සොයමින් සංක්‍රමණය වූහ. ආර්ථික අනාරක්ෂිතභාවය සහ අවිනිශ්චිතතාව මානසික සෞඛ්‍ය අභියෝග ඉහළ යාමට හේතු විය. පොදුවේ ජනතාවගේ ජීවන තත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සඳහා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසා ඉටු කරන කාර්යභාරය පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙරට දළ දේශීය නිෂ්පාදනයට සියයට 50 කට අධික දායකත්වයක් සපයයි. රැකියා උත්පාදනය ගතහොත් මුළු රැකියාවලින් සියයට 45 කට අධික රැකියා අවස්ථා ලබා දී තිබේ. මෙය ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට ඉහළ දායකත්වයක් සපයයි. විශේෂයෙන් දේශීය සැපයුම් දාම තුළ, වෙනස් වන වෙළෙඳපොළ තත්වයන්ට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඉක්මනින් අනුවර්තනය විය හැකිය. නවෝත්පාදන යටතේ විශේෂයෙන් කාන්තාවන් සහ තරුණයන් අතර ව්‍යවසායකත්වය පෝෂණය කරයි. ග්‍රාමීය ආර්ථිකයන් සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අත්‍යවශ්‍ය වන අතර නාගරික-ග්‍රාමීය අසමානතාව මෙමගින් අඩු කළ හැකිය.
තාක්ෂණය සහ ආගන්තුක සත්කාර අංශය හරහා ආර්ථික වර්ධනය සඳහා පවතින අවස්ථා මොනවාද යන්න පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ IT සේවා කර්මාන්තය වර්ධනය වෙමින් පවතින අතර ඒවා ප්‍රධාන අපනයන ආදායම් උපයන්නන් බවට පත් කිරීමට සැලසුම් සකස් කළ හැකිය. ඩිජිටල් ආර්ථිකයද දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරතාවක් ලබා ගැනීම සඳහා වැදගත් වේ. ඊ රාජ්‍ය අයෝජනය කිරීම හරහා දූෂණය අඩු කිරීමට මෙන්ම රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට හැකියාව ඇත. ඩිජිටල්කරණය හරහා සෑම ක්ෂේත්‍රයකම දූෂණය අවම කර කාර්යක්ෂමතාව වැඩි කිරීමට හැකිය. සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කිරීම මගින් විදේශ විනිමය, රැකියා සහ ආයෝජන ජනනය කළ හැකිය. පරිසර සංචාරක සහ සුවතා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙන් එයට ඉහළ වටිනාකමක් ඇති සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට හැකිය. උරුමය සහ ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මගින් සංචාරක ආකර්ෂණය කිරීම අවශ්‍ය වන අතර මෙම අංශ දෙකම සංවර්ධනය කිරීමට උපාය මාර්ගික ආයෝජන, අලෙවිකරණය සහ යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍ය වේ.
දේශීය ආර්ථීකය නගාසිටුවීම, අපනයන විවිධාංගීකර්ණය කිරීම, තොරතුරු සන්නිවේදන තාක්ෂණය වර්ධනය, කෘෂිකර්මික නිෂ්පාදන නගාසිටුවීම, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, පාලනයේ නීති රාමු ඇති කිරීම, ආර්ථික ප්‍රතිපත්ති සඳහා දේශපාලනික මැදිහත්වීම අවම කිරීම, මූල්‍ය විනය ප්‍රවර්ධනය, තිරසාර අයවැයක් පවත්වා ගැනීම, අධ්‍යපන නවීකරණය, හරිත ආර්ථික සංවර්ධනය දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරතාවයක් ලබා ගැනීම සඳහා යොදාගත හැකි සාර්ථක ඉදිරි පියවර වේ.
(*** සටහන - ශෂිකා අබේරත්න)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අඳුරේ ගොස් වළේ වැටුණු ආර්ථිකය