(දිලීප් ජයසේකර)
වසර 18කට පෙර තිස්සමහාරාම දෙබරවැව මාතරවත්තදී සොරකමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිළධාරීන් සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (15) මරණීය දණ්ඩනය නියම කළේය.
මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ හුංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරනු ලබන අම්බලන්තොට රිදියගම පදිංචි 58 හැවිරිදි පොලිස් පරීක්ෂක අරංවල ගමගේ උපුල්, තිස්සමහාරාම පදිංචි දැනට විශ්‍රාමික පොලිස් කොස්තාපල් වරයෙකු වන 63 හැවිරිදි ජයන්ති වාසගේ සුසිල් ජයබන්ධු, හම්බන්තොට වරාය පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව දැනට රාජකාරි සිදුකරනු ලබන පොලිස් කොස්තාපල් දම්මුල්ල බෙලිඅත්ත පදිංචි 51 හැවිරිදි සරඹගේ සිරිල් හා එවකට තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් වරයකු ලෙස කටයුතු කර දැනට සේවයෙන් පහ කර සිටින මහදිවුල්වැව,අඹන්පොල ලිපිනයේ පදිංචි 46 හැවිරිදි පතිරාජ මුදියන්සේලාගේ රංජිත් සුසන්ත නැමති චුදිතයින් තිදෙනාටය.
චුදිතයින් 2005 ජුනි 29 වන දින තිස්සමහාරාම දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේදී සොරකම් තුනක් සම්බන්ධයෙන් සැකපිට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබේ.
එහිදී රාත්‍රි 12ට පමණ දෙබරවැව මාතර වත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන පසුව සැකකරුට දිව යන ලෙස පවසා වෙඩි තැබිම සිදුකර ඇති බවයි මුලික පොලිස් විමර්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ.පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ දෙබරවැව මාතර වත්ත පදිංචි ලොකු හැන්නදිගේ අමිල මහේෂ් නැමති අයයි.
වැටලිම සිදුකල පොලිස් නිළධාරීන් සැකකරු නිවසින් එළියට ගෙන දිව යන ලෙස පවසා වෙඩි තබා ගොස් ඇති අතර පසුදින උදෑසන සැකකරු ඒ ආසන්නයේ නිවසක් අසල වෙඩි වැදී මියගොස් සිටියදී තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් එවකට තංගල්ල කොට්ඨාශභාරව කටයුතු කළ පොලිස් අධිකාරී වරයාගේ උපදෙස් පරිදි විමර්ෂණ කටයුතු සිදුකෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රනඉවිරු ඩඩයම් කරනොවෝ? රට බෙරගන්ඩ යක්ක පුතු එකතුවෙමු
ඔක්කොම හොඳයි, වසර 18ක් ගතවුණු එකයි ප්‍රශ්නේ...
රනිල් ආපුගමන් දඩයම් පටන් ගත්තා.
ඉතින් ඔය විදිහට මෙරට ඉස්සර කීදෙනෙක් ඝාතනය කරලා තියෙනවාද? මරපු අයට දඬුවම් කළාද?
හොඳින් කළා. හොඳ තීරණයක්
1971 දී 60,000 ක් මැරුව. 1988-89 තවත් 60,000 ක් මාරුව. කෝ පරීක්ෂණ
අහු නොවෙන්න මිනිහෙක් මරාගන්න බැරි නම් ඕවුන් පොලිස් සේවයට සුදුසු ෑ
සැක කරුවන්ට පහර දීමට හෝ අමානුශික ශාරිරික වද බන්ධන දීල බලහත්කාරයෙන් නොකල වරදකටත් පොලිසිය විසින් බලෙන් පුද්යෙකු/පුද්ගලයින් චූදිතයෙක් හෝ චූදිතයන් කරන එක වහාම නවතා දැමිය යුතුයි. පෙර වැරදි කරුවෙකු, යහපත් විදියට ජීවත් උනත්, එම පලාතේ යම් සොරකමක් හෝ යම් සිද්ධියක් උනොත් සාක්කි නැතත්, සම්බන්ද නැතත් පොලිසිය ඉස්සි ඉස්සෙල්ලම කරන්නෙ ඔහුව කුදලගෙන යන එක සහ ඔහුට දිගට හරහට පහර දීල බලෙන් ඔහුමත වරද පටවන එක...
මදුෂ් ඇතුලු අනිකුත් සැකකරුවන් මලේ හදිසි හෘදයාබාධයකින් ද?
හොරා අර 240 ට එකතු කරගන්න නාම යෝජනා දෙන්න හිතපු කෙනෙක් වෙන්න ඇති... ඕ.අයි.සී මහත්තයා හොයලා බලලා වෙඩි තියන්න තිබුණනේ..?
හොරුන්ට ගිය රටක්... කළුතර කඩ 15ක් කඩලා නඩු කතාකරන වෙලාවේ හොරාට ලෝයර් මහත්තුරු 5ක් එකවර කළුතර උසාවයේ ඉදිරිපත් වෙනවා.