
(සජීවා කෝට්ටගොඩ,උපුල් හේරත් සහ එස්.පොතුපිටිය)
අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය ස්ථානය පවසයි.
අද (04) සවස 3 .52 ට පමණ මහව දුම්රිය ස්ථානයට ළඟා වූ දුම්රිය, දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී පෙට්ටි 5 ක් පීලි පැන තිබේ.
මෙම හේතුව නිසා එහි ගමන් ගත් දුම්රිය මගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවතිබේ.
මගීන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ඉතිරි දුම්රිය පෙට්ටි 7 සවස 5.45 පමන වන විට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කළ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවැසීය.
අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ දුම්රිය සේවයකයින් පීලි පැන ඇති දුම්රිය පෙට්ටි 5 පීලිගත කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතී.
මෙම අනතුර නිසා නිකවැරටිය මොරගොල්ලාගම මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුව තිබෙන අතර මහව මූලස්ථාන පොලීසිය වෙනත් විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන යැවීමට කටයුතු කර තිබේ.
(එස්.පොතුපිටිය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු ප්‍රමිතියේ ඉන්දියන් කුණු ගොඩවල්...
ඕක පෞද්ගලික අංශයට දෙන්න. ආණ්ඩුවේ සේවකයින්ට පුළුවන්ද වැඩක් කරන්න..? පින්පඩිකාරයින් පිරුණු ආයතන...
කාලයක් මමත් මේ කෝච්චි වල බඩගෑවා රස්සාවට යන්න. කෝච්චි නම් යනවාට වෙන්නේ පිලී පනිනවයි, එකතැන නවත්තගෙන ඉන්න එකයි කරන්නේ. හරියටම ගණන් හදලා බැලුවොත් සතියේ දවස් හතෙන් දවස් දෙකකට වැඩිය මහා පාරේ රස්තියාදු වෙනවා රටේ ප්‍රවාහන සේවය තුළ...