
(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
පවුල් ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මිය ගියැයි කියන සිද්ධියක් සම්බන්ධෙයන් රැස්වු දහසකට ආසන්න පිරිසක් 17දා පෙරවරුවේ ඇඹිලිපිටිය පනාමුර පොලිස්ථානය වැටලීය.
පනාමුර වැලිපොතයාය ගමේ 38 හාවිරිදි කරළහින්ගේ නිමල් ජයරත්න යන අය මෙසේ පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මියගොස් තිබු බව පැවැසේ.
මියගිය තැනැත්තාට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් පවුල් ආරවුලක් සම්න්‍ධයෙන් පනාමුර පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. 16දා රාත්‍රී 09.30ට පමණ පනාමුර පොලීසියෙන් මියගිය තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු පොලිසියේ සිර මැදිරිය තුල රඳවා තිබිය දී 17දා අලුයම 03.00ත් 03.30ත් අතර දී ගෙලවැළලාගෙන සිටියදී පොලිස නිලධාරින් විසින් බේරාගෙන ඇඹිලිපිටියන දිසා මහ රෝහල වෙත ගෙන ගොස් තිබුණි. රෝහලට ගෙනයනවිටත් ඔහු මියගොස් තිබුණ බව පොලිසිය පැවසුවේය.
මේ සිද්ධිය සැලවීමත් සමග මියගිය තැනැත්තාගේ ගමේ දහසකට ආසන්න පිරිසක් පනාමුර හන්දියට පැමිණ පනාමුර හන්දියෙන් ඇඹිලිපිටිය, කොලොන්න සහ ඕමලපේ යන මාර්ග තුනම හරස්කළහ. පසුව වාහන වලට යා නොහැකි ලෙස යටර් පුලුස්සා බාධා කළහ. ඒ නිසා පනාමුරේ හන්දිය හරහා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.
එක්රැස්වු පිරිස පනාමුර පොලිස්ථානය ද වැටලූහ. පොලීසියට ඇතුලු වීමට ද උත්සාහ කළහ. පොලීසිය එය ව්‍යවර්ථ කරනු ලැබීය. පනාමුර පොලීසියේ සහයට කොළොන්න, ඇඹිලිපිටිය පොලිස්ථාන වලින් අතිරේක පොලිස් කණ්ඩායම් ද කැඳවා තිබුණි.
ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතා ඇතුලු සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙක් ම එහි පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි ආවේගයෙන් උඩ පැන්නට හෙට අනිද්දට ගෙවල්වලට ඇවිත් කුදලාගෙන යනකොට ඇඬෙයි. කොහොමත් පාරවල් හරස් කරන වැඩේට නම් දැඩි දඬුවම් දිය යුතුයි
අතිශයින්ම කණගාටු වෙමි. පොලිසිය තුල ගෙලවැලදා ගෙන සැකකරැවන් මිය යන සිද්දීන් අපේ රටේ නිතරම අසන්නට ලැබේ. මෙවැනි සිදුවීම් ගැන නිසියාකාරව පරික්ෂණ පවත්වා ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි සිදුවීම වලක්වා සාධාරණත්වය මත නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පරිසරයක් බිහිකිරීමට වගකිවයුත්තන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ඔය පොලිසිය වටලපු 1000 න් 100 ක් වත් අර මිනිස්සුන්ගෙ පවුල් ආරවුල ගැන බලලා වැඩේ සමථයකට පත් කරන්න බැලුවාද? මිනිස්සු රුල්ලට යනවා විතරයි...
යුක්තිය දුෂ්කර ඉලක්කයක් වී ඇත!
මරලා එල්ලුවද නැතිනම් එල්ලිලා මැරුණද කියලා ස්වාධීන කරන පරීක්ෂණයකින් සොයා ගත හැක.