IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ජනරජ පෙරහර වීථි සංචාරය කරයි

(ෂේන් සෙනෙවිරත්න සහ අංජුල මහීකවීරරත්න)

ශ්‍රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහෙර් ජනරජ ලාංඡනය කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා වැඩම කළහ.

දෑල හස්තීන් වශයෙන් දළදා කණ්ඩුල සහ අත්තනගල්ලේ රජමහා විහාරයේ ගැමුණු හස්තියා ගමන් කළේය.

මෙම ජනරජ පෙරහර පැවැත්වෙන්නේ වසර තිස් හතරකට පසුවයි.

75 වන නිදහස් දින සැමරුමට සමගාමීව සංවිධානය කෙරුණු පෙරහරේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරු සහභාගි වූහ .

අද පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් විය.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් පෙරහර සංවිධානය කෙරුණු අතර එය නැරඹීම සඳහා අති විශාල ජනකායක් වීථි දෙපස රැස්ව සිටියහ .

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කරයි.

කන්ද උඩරට රජකම් කළ පුරාණ රජවරුන් විශේෂ ආගමික අවස්ථාවන් මුල් කරගනිමින් මෙවැනි පෙරහරවල් පවත්වා ඇති අතර අපගේ රජවරුන්ගේ පාලනය ගිලිහී ගොස් 1815 දී බ්‍රිතාන්‍ය කිරීටයට මෙරට යටත් වීමෙන් පසු පළමු වරට රජ පෙරහැර පෙරහැරක් පැවැත්වූවා යැයි වාර්තා වන්නේ වේල්සයේ කුමරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ වික්ටෝරියා රැජනගේ පුත් වේල්සයේ ආදිපාද වරයා කන්ද උඩරට සංචාරයක යෙදුණු 1875 වසරේදීය . එම ආදිපාදවරයා ඓතිහාසික පත්තිරිප්පුවේ සිට එම පෙරහැර නැරඹුවා යැයි සඳහන්ය .

ඉන් අනතුරුව රජ පෙරහැරක් පවත්වා ඇත්තේ 1854 වසරේ අප්‍රේල් මාසයේ මෙරට සංචාරයක නිරත වූ දෙවැනි එළිසබත් මහ රැජින වෙනුවෙනි . ඇය වත්මන් මැද්දුම බණ්ඩාර උයනේ ඩී එස් සේනානායක පිළිරුව පිහිටුවා ඇති ස්ථානයේ පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිට එම පෙරහර නැරඹුවා යැයි සඳහන්ය .

ඉන් අනතුරුව 1978 වසරේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙනුවෙන් විශේෂ පෙරහැරක් සංවිධානය කොට ඇති අතර එයද ජේ ආර් ජයවර්ධන මහතා විසින් ඩී එස් සේනානායක පිළිරුව අසල ඉදිකරන ලද විශේෂ පීඨිකාවක සිට නරඹා තිබේ .

ඉන් අනතුරුව 1981 වසරේ දී වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට පැමිණි දෙවැනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එයද ඇය නරඹා ඇත්තේ ඩී එස් සේනානායක පිළිරුව අසල පත්තිරිප්පුව හැඩයට සකස් කරන ලද විශේෂ පීඨිකාවක සිටය .

1987 වසරේදී දළදා සමිඳුන් වෙනුවෙන් ඉදි කොට පූජා කරන ලද රන් වියන විවෘත කිරීමේ උත්සවය සිහිකරනුවස් විශේෂ පෙරහැරක් පවත්වා ඇති අතර එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා එම පෙරහැර රැජිණ හෝටලයේ පළමු මහලේ ඉදිරිපස ඇති පීඨිකාවේසිට නරඹා තිබේ .

පෙරහැර පෙලගැස්ම

මෙවැනි පෙරහැර වල පෙළගැස්ම පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වන අතර එහි පෙළ ගැස්ම දළදා පෙරහැර පෙළගැස්මට වඩා වෙනස් ස්වරූපයක් ගනී . දළදා පෙරහැරේ ගමන් කරන සිව් මහා සිව් මහා දේවාලයන්හි පෙරහැර මෙහි ගමන් නොකරන අතර රන්දෝලි මහ පෙරහැර ට සමාන අලි ඇතුන් යොදවා එම පෙරහර ගමන් කරන දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, වීදිය ඩී එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කොට පෙරහර නිමා කිරීමට නියමිත අතර පෙරහැර ගෙවදීමක් සිදු නොවේ .

පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමත් සිදු නොවන අතර ඒ වෙනුවට ජනරජ ලාංජනය පෙරහැරේ ගෙන යනු ලැබේ .

දළඳා මාලිගාවේ මාළිගාවේ දියවඩන නිළමේවරයා පෙරහරේ පළමුවෙන් ගමන් කරන අතර ඊට පසුපසින් සිව්මහා දේවාලයන්හි නිලමේවරුන් ගමන් කිරීම සිදු කෙරේ . ඊට පිටුපසින් පිටිසර දේවාලයන්හි නිළමේවරුන් ගමන් කරන අතර ඒ අනුව නිළමේවරුන් 14 දෙනකු පෙරහැරේ ගමන් කරයි .

මෙම ලිපියට අවශ්‍ය අතීත තොරතුරු ලබාදුන් හිටපු දියවඩන නිලමේ නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලැව විජයරත්න මහතාට විශේෂ ස්තුතිය .



අදහස් (17)

ජනරජ පෙරහර වීථි සංචාරය කරයි

anuranga Sunday, 19 February 2023 09:57 PM

මිනිස්සුන්ට කන්න නැහැ... ළමයින්ට ඉගෙන ගන්න පහසුකම් නැහැ. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ... මේ අය ජෝගි නටනවා..

:       4       38

චන්දිම ෆොන්සේකා Monday, 20 February 2023 07:10 PM

එක තැනක කියනවා ආණ්ඩුවට සල්ලි නැහැලු... මිනිස්සුන්ගේ පඩියෙන් බදු කපන්නම වෙනවලු... හැමදේම මිල වැඩි කරන්නම වෙනවලු. හිටපු ගමන් සත පහක වත් ඵලක් ප්‍රයෝජනයක් නැති පිස්සු වැඩවලට කෝටි සල්ලි වියදම් කරනවා. මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ... මේ මිනිහට නම් කවදාවත් මේ රට ගොඩගන්න හිතන්නවත් පුළුවන් වෙයි කියලා. අන්තිමට මෙයාගෙන් වෙන්නේ පුස්ස බින්දා වගේ දෙයක්...

:       1       15

Sue Sunday, 19 February 2023 11:23 PM

ජනරජ කියලා අහිංසක සත්තුන්ට වද දෙනවා

:       6       33

Rajen Monday, 20 February 2023 12:02 AM

රජයට, රටට, රටේ නායකයන්ට ඇති සියලු අපල ශාප කුවේණිගේ ශාපය ඇතුළු සියළු ආකාරයේ කොඩි වින, රෝග, බිය, දුර්භික්ෂ දුබල ශාප දුරු වේවා.

:       27       10

Samantha Monday, 20 February 2023 03:03 AM

මේ වගේ ගොන් පාට් වලට නම් ලංකාව හරි කැමතියි

:       3       40

පිටිගල මිලානෝ Monday, 20 February 2023 05:42 AM

අලි ඇත් හස්තිරාජයන්ව දමිවැල්වලින් බැඳලා හිරිහැර නොකරනු….

:       8       22

ලුම්බිණි Monday, 20 February 2023 07:54 AM

ලෝකෙට පෙන්නන්න බොරු දේවල් කරන්න රනිල් හැමදාම දක්ෂයි.

:       2       36

Samitha Senaka Aluthgamage. Monday, 20 February 2023 08:23 AM

පෙරහැර පවත්වා අපගේ සංස්කෘතිකාංග සමාජගත කිරීම හොඳ දෙයක්.ඒත්,ලයිට් බිල දැරිය නොහැකි යුගයක, රට සැම සියලු අතින් පීඩනයකට ලක් වී ඇති යුගයක, ජල බිල නැවතත් ඉහළ යාමට නියමිත යුගයක,ඡන්දය දීමේ අයිතිය මිනිසුන් වෙත ලබාදිය නොහැකි යුගයක මෙවන් දේ පැවැත්වීම ඉතිහාසයට එකතු වන්නේ වර්තමානයේ පවතින ඉහත සැබෑ යථාර්ථය ද සහිතව බව වගකිව යුතු අංශ හොඳින් සිහිතබා ගත යුතුය.ඒ යථාර්ථය ඉතිහාස ගතවීම කිසිවෙකුට යටපත් කළ නොහැකි දෙයකි.

:       2       34

sapumal Monday, 20 February 2023 09:00 AM

පාකි නකා පිස්සු කෙලිනවා හිටු කියල

:       4       37

Ravindu Monday, 20 February 2023 09:04 AM

මිලියන කීයක් විතර ගියාද?

:       3       31

saman Monday, 20 February 2023 09:20 AM

නාකි මහල්ලකුගේ මනදොල සංසිඳවීම .අහෝ දුකකි

:       4       36

Shantha - Qatar Monday, 20 February 2023 09:20 AM

රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දී මේ මනුස්සයා කරන මේ විගඩම් වලින් මිනිස්සු තවත් කෝප වෙනවා විතරයි .කොයි තරම් මුදලක් යට වෙනවද මේවට

:       5       36

පිටිගල මිලානෝ Monday, 20 February 2023 11:19 AM

දියවඩන නිලමේ තනතුරට පරිපාලන නිලධාරියෙක් බඳවා ගත්තා නම් නරකද?

:       4       27

chandima Monday, 20 February 2023 01:29 PM

එහෙනම් ජේ.ආර්. ටයි ප්‍රේමදාසටයි වුණු දේම මෙයාටත් වෙයි වගේ....!

:       1       19

PereraWednesday, 22 February 2023 07:00 AM

ජේ.ආර්. ට මොකද වුණේ? හිතේ හැටියට ජනාධිපති පුටුවේ වාඩිවෙලා නම්බු පිටින් අයින්වෙලා ගෙදර ගියා....

:       1       1

විජිත් Monday, 20 February 2023 02:43 PM

අනවශ්‍ය දේවල්වලට මුදල් යොදවන්නෙපා 'කියලා ගහපු ගැසට් එක වහාම ටොයිලට් පේපර් හදන තැනකට යවන්න... එයාගේ ගැසට් එක රීසයිකල් කරලා පිහින කොළ හදන්න...!!!

:       1       17

විපරමා Monday, 20 February 2023 08:58 PM

ජනපතිගේ මොලේ හොඳටම කොලොප්පම් වෙලා? බොරු සෝබන වැඩ...

:       1       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6141 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9413 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 550 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 457 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1881 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1677 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site