IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි-වීඩියෝ

(සුරංග රාජනායක)

ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලක් නාය ගොස්  අටබාගේ ඔයට පෙරළී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පවතින අධික වර්ෂාව සමඟ ඊයේ රාත්‍රී මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙහි හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි අයිතිකරු හා ඔහුගේ පුතා රාත්‍රී හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් තිබේ

මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේ ද කොටසක් මෙම නාය යාමට හසුව තිබේ

මෙම නායයාම නිසා නුවරඑළිය මාර්ගය ද පුපුරා ගොස් ඇති නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පවසයි

නාය අවදානම් සමඟ අසල නිවෙසේ පිරිස ද ඉවත් කළ බව පොලිසිය පවසයි



අදහස් (6)

ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි-වීඩියෝ

SL Thursday, 11 November 2021 02:19 PM

කඳුකරය රැකගන්න 225 හරක් පට්ටියේ ඉන්න හරක් ටිකට කිසිඳු සැලැස්මක් හෝ සාමුහික ප්‍රතිපත්තියක් සැදීමට වුවමනාවක් නැහැ. මෙම තත්වය අද, ඊයේ පැමිණි එකක් නොවෙයි. ඊ ළඟට යන්නේ මහනුවර හන්තාන, බහිරව කන්ද, වේල්ස් පාර්ක්වල තියෙන ඉදිකිරීම්. මෙම ඉදිකිරීම් එක්ක ජලපෝෂක, උල්පත්, වනවැස්ම සියල්ල නැති වෙලා තියෙනවා. ඉහළ කඳුකරය වගාවට, වනයට සහ ජලපෝෂණයට අතහැරිය යුතුමයි.

:       4       27

sisilFriday, 12 November 2021 07:25 AM

මින් ඉදිරියට ගංගා, වැව් අමුණු අශ්‍රිතව ගොඩනැගිලි තැනීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජයට හොඳම අවස්ථාවක්. අනවසර (ගංගා, වැව්, අමුණු අාශ්‍රිතව) ගොඩනැගිලි ඉදිකර කඩා වැටුණු පසු රජයෙන් වන්දිත් ලබා ගැනීමට ව්‍යාපාරිකයන්ට හෝ ගොඩනැගිලි හිමියන් හට අවස්ථාව ලබා නොදිය යුතුවේ...

:       0       1

sharm warnMonday, 15 November 2021 01:38 PM

අනේ ඔව්.., බලන් ඉන්නකෝ.. වහාම තහනම් කරවලා කට්ටිය කුදලාගෙන ගිහින් හිරේ දාලා ඇප දෙන්නෙත් නැතිව... බම්බුව තමයි..

:       0       0

ජයන්ති Thursday, 11 November 2021 02:41 PM

හොඳ වැඩේ.........

:       35       10

බද්රානි Thursday, 11 November 2021 04:27 PM

අපි මේ උදේ හවස ශාප කරන්නේ විදේශ ගත ලාංකිකයින්ගෙන් කොරෝනා ජාවාරම හරහා ගසා කාපු හෝටල්වලට සහ ඒ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාට මෙවන් ඉරණමක් අත්වෙන්න කියලයි. ඒ ඉස්සර කරපු ගංවතුර ආධාර දැන් නැහැ. තමන්ගේම ජාතියේ ශාපයට ලක්වූ රටකට අත්වෙන ඉරණම තමයි මේ දැන් භුක්ති විඳින්නේ.. මමත් ජයන්ති වගේම කියන්නේ හොඳ වැඩේ කියලයි.

:       4       16

මෝ Thursday, 11 November 2021 04:44 PM

සොබාදහමට කෝචොක් කර බලෙන් උදුරාගත් දේ කවුරු මොනවා කීවත් සොබාදහම විසින්ම නැවත අත්පත් කර ගන්නේ දැඩි දඬුවම්ද කරමිනි. සදාතනික සත්‍ය එයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 365 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site