(සුරංග රාජනායක)
ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලක් නාය ගොස් අටබාගේ ඔයට පෙරළී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පවතින අධික වර්ෂාව සමඟ ඊයේ රාත්‍රී මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.
මෙහි හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි අයිතිකරු හා ඔහුගේ පුතා රාත්‍රී හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් තිබේ
මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේ ද කොටසක් මෙම නාය යාමට හසුව තිබේ
මෙම නායයාම නිසා නුවරඑළිය මාර්ගය ද පුපුරා ගොස් ඇති නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පවසයි
නාය අවදානම් සමඟ අසල නිවෙසේ පිරිස ද ඉවත් කළ බව පොලිසිය පවසයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුකරය රැකගන්න 225 හරක් පට්ටියේ ඉන්න හරක් ටිකට කිසිඳු සැලැස්මක් හෝ සාමුහික ප්‍රතිපත්තියක් සැදීමට වුවමනාවක් නැහැ. මෙම තත්වය අද, ඊයේ පැමිණි එකක් නොවෙයි. ඊ ළඟට යන්නේ මහනුවර හන්තාන, බහිරව කන්ද, වේල්ස් පාර්ක්වල තියෙන ඉදිකිරීම්. මෙම ඉදිකිරීම් එක්ක ජලපෝෂක, උල්පත්, වනවැස්ම සියල්ල නැති වෙලා තියෙනවා. ඉහළ කඳුකරය වගාවට, වනයට සහ ජලපෝෂණයට අතහැරිය යුතුමයි.
හොඳ වැඩේ.........
අපි මේ උදේ හවස ශාප කරන්නේ විදේශ ගත ලාංකිකයින්ගෙන් කොරෝනා ජාවාරම හරහා ගසා කාපු හෝටල්වලට සහ ඒ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාට මෙවන් ඉරණමක් අත්වෙන්න කියලයි. ඒ ඉස්සර කරපු ගංවතුර ආධාර දැන් නැහැ. තමන්ගේම ජාතියේ ශාපයට ලක්වූ රටකට අත්වෙන ඉරණම තමයි මේ දැන් භුක්ති විඳින්නේ.. මමත් ජයන්ති වගේම කියන්නේ හොඳ වැඩේ කියලයි.
සොබාදහමට කෝචොක් කර බලෙන් උදුරාගත් දේ කවුරු මොනවා කීවත් සොබාදහම විසින්ම නැවත අත්පත් කර ගන්නේ දැඩි දඬුවම්ද කරමිනි. සදාතනික සත්‍ය එයයි...