(ඡායාරූප සහ විස්තර - නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේනේ පිහිටි ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ ලේකම් එස්. සරවනබවන් මහතා පවසයි.
ඇළදෝනා ඇල්ල වශයෙන් හැදුන්වු මෙම දියඇල්ල සුදු අධීරාජ්‍යවාදින් විසින් ඇබර්ඩින් ඇල්ල වශයෙන් නම් කර ඇත. කෙසෙල්ගමු ඔයේ අවසන් දිය ඇල්ල ලෙස ගලා හැලෙන මෙම දියඇල්ල ලක්‍ෂපාන දියඇල්ලට පහලින් කැළණි ගඟට එක්වන අතර ඇර්බර්ඩීන් ඇල්ල උසින් අඩි තුන්සිය විස්සක් (320) කි.
කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාව වැඩි වන අවස්ථාවල එහි ජලය දියඇලි දෙකක් සේ පහළට ගලා බසී. ඇර්බඩින් ඇල්ලට ඉහළින් තවත් කුඩා දියඇලි තුනක් තිබීම නිසා ඇබර්ඩින් ඇල්ලේ සුන්දරත්වය වැඩි වෙයි.
එය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් අඹගමුව ප‍්‍රාදේශිය සභාව විසින් දියඇල්ල පහළට ගලා බසින ස්ථානයේම නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. ඇබර්ඩින් දියඇල්ලේ සංචාරක ප‍්‍රවර්ධන වැඩ සටහනෙන් අනතුරුව ලක්‍ෂපාන දියඇල්ලද සංචාරක ප‍්‍රවර්ධන ව්‍යපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පරිසරය ගැනත් හොදින් අවධානය යොමුකරනවා නම් වටිනවා. මොකද සංචාරකයන් රැගෙන එන ඝන අපද්‍රව්‍ය ඔය ප්‍රදේශ වලට මුදා හැරීමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ වීදුරු. අප රටේ බොහෝ ප්‍රදේශවල මම දැකලා තියනවා හිස් මත් පැන් බෝතල් කුඩුකර ජලාශ සහ ගොඩබිම් පරිසර වලට බැහැර කරලා තියනවා. මෙවන් ක්‍රියා නොකරන ලෙස දැන්වූ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සහ වෙනත් ආකාරයේ දැනුවත් කිරීම් මගින් මේ සිදුවන, සිදු කරන පරිසර විනාශයන් වලක්වා ගැනීමට පියවර ගන්නවා නම් ඉතාමත් වටිනවා.
එහෙනම් ඔය පෙනෙන කැලැවේ සැහෙන ගස් ප්‍රමාණයක් කපන්න ප්‍රාදේශීය සභාවෙන් කොන්ත්‍රාත් දෙයි වගේ? වංගු වංගු දාලද පාර කපන්නේ? පාර කොන්ක්‍රීට් කරන්න කොන්ත්‍රාත් දෙන්නේ එහෙම නැතිද? ප්‍රවර්ධනය කරනවා කියන්නේ ඔය පෙනෙන කළුගලත් කඩනවද හැඩ වෙන්න? කඩ පෙළක් ගහල බදු දෙන්නත් පුළුවනි? මාර ඉල්ලමක්නේ?
මෙවැනි ව්‍යාපෘති වලින් සිදුවන්නේ නරකක් මිස හොඳක් නම් නෙමෙයි. ලංකාවේ කිසිම එවැනි ව්‍යාපෘතියක් මෙතෙක් සාර්ථක වෙලා නෑ
කරන ඕන අටමගලයක් වෙන තැනක කරන්න ඔය අපුරුවට තියෙන ස්වභාවික සම්පත විනාශ කරන්නේ නැතුව? ඔය දියඇල්ල ප්‍රාදේශීය සභාවට අයිති දෙයක් නෙමෙයි. ජාතිය සතු දෙයක්.
ලඟදි ජි එස් පි ප්ලස් එනවා අඩු තරමින් ලේන්සුවල්වක්වත් මහල පිටරට යවන ව්‍යාපෘතියක්වත් පටන්ගන්න ඔය ලස්සන දියඇල්ල කන්නේ නැතුව
ලලිත් ප්‍රාදේශීය සභාවේද වැඩ කරන්නේ. ඔබ හොඳට දන්නවා එයාලගේ වැඩ.
කරන ඕන අටමගලයක් වෙන තැනක කරන්න ඔය අපුරුවට තියෙන ස්වභාවික සම්පත විනාශ කරන්නේ නැතුව? ඔය දියඇල්ල ප්‍රාදේශීය සභාවට අයිති දෙයක් නෙමෙයි. ජාතිය සතු දෙයක්.
ධම්ම අවාසනාවට ඔයාගේ ඇස කන් අබාධිත උනාට මුළු රටම දන්නවා ඕක?
මෙවන් ලස්සනට තියන තැන විනාශ කරන එක හෙන ගහන අපරාධයක්... වහාම මේවාට වග කියන්න ඕන රජයේ දේශපාලකයන්.... ලස්සනට තිබුණු දිය අැලි කියක් නැතිවුණාද?
මෙම ව්‍යාපෘතිය වහාම නැවත්වීමට සුදුසු පියවර ගැනීමට කටයතු කරන මෙන් කාරුණිකව ආයාචනය කරනවා
ස්වභාවික සම්පත් ටිකත් කන්න හදන්නේ. මේ අය කරන අපරාද වලට වන්දි ගෙවන්නේ අපි වගේ අසරණ මිනිස්සු. මේ අයගේ ඇස පෙන්නැද්ද. රටට වෙලා තියන අපරාදේ. මේවා කරන්න හදන අයගේ මොලේ කොහෙද තියෙන්නේ මේවගේ ගොන් අදහස්. මේවා ජාතික අපරාද