(එච්.එම්.ධර්මපාල)
හම්බන්තොට සෆාරි උද්‍යානයේ මීට මාස හතරකට පෙර ඉපදුණු සිංහ පැටවුන් සිව් දෙනාගෙන් එක් පැටවකු අද (10) වනජිවි සම්පත් සංරක්ෂණ නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජි ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට බාර කෙරිණි.




COMMENTS
ආදරෙන් බලාගන්න. මේ සතුන්ට බළලුන්ට වගේ මිනිස් වාසය එතරම්ම හුරු නැති නිසා.
සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න.
මේක හොඳ ආදර්ශයක් නෙවේ. මේ සත්තු ඉන්න ඕනෑ නිදහස් පරිසරයක. හමුදා බලකායකට එවැනි පරිසරයක් සකස් කල හැකිද යන්න ප්‍රශ්නයක්. මෙම සිංහ පොතකයාත් විලංගු ගලවා හමුදාවේ අයිතිය තියාගෙන සෆාරි උද්‍යානයේම අනෙකුත් සතුන් සමඟ හැදෙන්න ඇරීම තමා වඩා සුදුසු. දෙහිවල සත්තු වත්ත සත්ව සංරක්ෂණය සහ පරීක්ෂණ සඳහා සීමාකොට සියලුම සතුන් සෆාරි උද්‍යානයට ගෙනයාමත් ඉක්මනින් කලයුතු දෙයක්.
මේ සතා තනියම එකතැනක ඉන්නාකොට එයාට හරි වදයක්. සිංහයෙක් හැමදාම බළල් පැටියෙක් වගේ ඉන්නේ නෑනේ. මේ විකාර වැඩ.
රෙජිමේන්තු සලකුණ ලෙස සිංහයා ගත්තත් ශ්‍රී ලංකාවේ සිංහයන් සිටියා කියා සත්ව විද්‍යාත්මක සාක්ෂි තියෙනවද? හැබැයි සිංහ රේජිමේන්තුව සිංහයන් ලෙස අභිමානයෙන් සටන් කර ඇති නිසා ඔවුන් සිංහ පරපුරේ අය ලෙස සැලකිය හැකිනේ !!
සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්..
ලංකාවේ සත්වෝද්‍යාන වලට පිටරටවලින් සතුන් දෙන එක නවතන්න ඕනේ මේ වගේ මෝඩ වැඩ කරනවා නම්... දැන් ගජබා, ගැමුණු වගේ බලකායවල් මොනවද කරන්නේ? තියෙන සත්ව උද්‍යාන පවත්වාගෙන යන්නත් හරියට බැරිවයි ඉන්නේ.
මෙම ක්‍රියාවට එරෙහිව අදහස් පලකරන අයට ඇයි වන අලි හිලෑ කරගෙන බැඳ තියාගෙන ඉන්න හැටි පෙනෙන්නට නැත්තේ? උනුත් වන සත්තුනේ.
මා නම් මෙය දකින්නේ සත්ව හිංසනයක් සහ කුඩා කලදීම මවගෙන් සහ තම සහෝදරයන්ගෙන් වෙන් කීරීමක් ලෙසයි.
මෙයාට දෙන රෑන්ක් එක මොකක්ද ? කර්නල්ද ? බ්රිගේඩියර්ද ?