වරාය නගරය - අධිවේගය යා කරයි - වීඩියෝ
පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිවන, ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු පාලම් කොටස සවිකිරීමේ උත්සවය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණි.