IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


තෙල් සංස්ථාවට කෝටි විසිතුන්දාහක පොල්ලක්

අජන්ත කුමාර අගලකඩ

ඉකුත් 2020 වසරේ  සිට මේ වසරේ ජුනි මස දක්වා කාලයේදී ඉන්ධන ණයට දීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු මුදල රුපියල් කෝටි 23,416ක් පමණ වන බව එම සංස්ථා වාර්තාවලින් අනාවරණය වේ.

ඉන් වැඩිම මුදලක් අය විය යුතුව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වන අතර, එම මුදල රුපියල් කෝටි 9,781ක් පමණ වන බවද එම වාර්තා පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලය ඇතුළු රජයේ හා පෞද්ගලික විදුලි බලාගාරවලින් අය විය යුතු සමස්ත මුදල රුපියල් කෝටි 12,807ක් වන අතර ලංකා විදුලිබල මණ්ඩලයෙන් පමණක් රුපියල් කෝටි 8,608ක් පමණ  අය  විය යුතුව ඇතැයි දැනගන්නට ඇත.


වෙස්ට් කෝස්ට්  සමාගමෙන් රුපියල් කෝටි 499 ක් ද ඒසියා පවර් සමාගමෙන් රුපියල් කෝටි 23ක් ද නොදර්න් පවර් සමාගමෙන් රුපියල් කෝටි 4 ක් පමණ ද අය විය යුතුව ඇතැයි සඳහන් වේ.


මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 326ක් ද, මගනැගුමෙන්  රුපියල් කෝටි 9ක් ද, ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් කෝටි 47ක් පමණ ද අය විය යුතුව ඇතැයි පෙන්වා දෙයි.


මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රුපියල් කෝටි 227ක්, යුද හමුදාවෙන් රුපියල් කෝටි 70ක්, ගුවන් හමුදාවෙන් රුපියල් කෝටි 43ක්, පොලිසියෙන් රුපියල් කෝටි 6ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් අය විය යුතුව ඇත.


මීට අමතරව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිත ආයතන වලින් සහ වෙනත් ආයතන වලින් රුපියල් කෝටි 93 ක පමණ මුදලක් ලැබිය යුතුව ඇත. 

 



අදහස් (0)

තෙල් සංස්ථාවට කෝටි විසිතුන්දාහක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 88 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 62 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 199 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 178 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 107 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 510 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1972 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1730 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site