සුජිත් හේවාජුලිගේ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළඟදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත.
මේ අතර, මේ ආකාරයට වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත. සාමාන්‍ය සේවකයන්ට රුපියල් සීයක් වැඩිකිරීමට උත්සාහ කළහොත් දැවැන්ත ලෙස විරුද්ධ වෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, මේ ආකාරයට තමන්ටම බෙදා ගැනීම අසාධාරණ හෙයින් ඒ ගැන වහා සොයා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් වැඩි කර ගැනීමේ පියවර දැඩි ලෙස විවේචනය කළහ.
මේ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ නව මහ බැංකු පනතින් මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කර ඇති නිසා වැටුප් වැඩි කිරීම පිළිබඳව තීන්දු ගැනීමේ හැකියාව ඔවුන්ට ඇති බවයි. එහෙත් මෙවැනි අවස්ථාවක වැටුප් වැඩි කර නොගත්තා නම් හොඳ බවද ඔහු පැවසීය. කෙසේ වුවද මහ බැංකුවේ සිටින විශේඥයන්ගෙන් දහයෙන් එකක් පමණ විදේශ ගත වීම වළක්වා ගත හැකි වෙනත් ක්‍රමයක් නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එසේම මහ බැංකුව ස්වාධීන වුවත් පාර්ලිමේන්තුව සමඟ බැඳීම වැඩිවී ඇති හෙයින් ඔවුන්ව පාර්ලිමේන්තු කාරක සභා හමුවට කැඳවිය හැකි බව ද අමාත්‍යවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි