ප්‍රසන්න සංජීව තෙන්නකෝන් හා සුජිත් හේවාජුලිගේ
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමට බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයට මේ මොහොතේදී මුහුණ දීම වඩාත් සුදුසු බව එම සාකච්ඡාවලදී වැඩි දෙනා අදහස් පළ කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ප්‍රථම රැලිය සංවිධානය කරනු ලැබුවේ ඒ අරමුණින් බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීම වඩාත් සුදුසුය යන්න තමන්ගේ අදහස බවය. ජනාධිපතිවරණය පැවැත් වුව හොත් ඉන් එක් ඡන්දයකින් හෝ ජයගන්නා අපේක්ෂකයා හෝ ඔහුගේ පක්ෂය මහ මැතිවරණයකදී ජයග්‍රහණය කිරීම සිදු විය හැකි බවත් එබඳු රැලි මගින් නිර්මාණය වෙන පාර්ලිමේන්තුවකින් සැබෑ මහජන මතය පිළිබිඹු නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලින් පසු පැවැත්වෙන මැතිවරණය කුමක්දැයි නිශ්චිතවම ප්‍රකාශ කිරීමට රජය බලාපොරොත්තු වෙයි.
2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්