IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


චැනල් ෆෝට එරෙහිව සලේ සටනට

දුමින්ද සංජීව බාලසූරිය

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව නිකුත්කළ වාර්තා වැඩසටහනට එරෙහිව වහාම නිසි නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ  විද්‍යුත් නාලිකා නියාමන ආයතනය වෙත සිය නීතිඥයන් මාර්ගයෙන් ලිඛිතව පැමිණිලි කිරීමට රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ කටයුතු කර තිබේ.

ස්විට්සර්ලන්තයේ සුරිච් සරණාගත කඳවුරේ රැඳී සිටිමින් එහි සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින මුහම්මදු මිල්හාර් මුහම්මදු හන්සීර් හෙවත් අසාද් මවුලානාගේ ප්‍රකාශයන් පාදක කරගෙන එල්ලකරන අසත්‍ය  චෝදනා නිසා රාජ්‍ය නිලධාරියකු වන තමන්ගේ කීර්ති නාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු‍කාරී තත්ත්වයක් පැන නැගී ඇති බවත්, ඒ නිසා අදාළ වාර්තා වැඩසටහන විකාශය කළ චැනල් ෆෝ නාලිකාවට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසත් එමගින් ඉල්ලා තිබේ.


රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේගේ පැමිණිල්ල බ්‍රිතාන්‍යයේ විද්‍යුත් නාලිකා නියාමන ආයතනය විසින් පිළිගෙන ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වන තොරතුරු කඩිනමින් ඔවුන් වෙත ලබාදෙන ලෙස රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වෙත දැනුම් දී තිබේ.


චැනල් ෆෝ නාලිකාව විසින් අදාළ වාර්තා වැඩසටහන තුළින් එල්ලකරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවත්, අදාළ සිදුවීම් වූ බව කියන කාල සීමාවේදී තමන් ශ්‍රීලංකාවේ රැඳී නොසිටි බවත් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සිය නීතිඥයන් මාර්ගයෙන් මීට පෙර ද චැනල් ෆෝ නාලිකාවට ද ලිඛිතව දැනුම් දී තිබිණ.


මේ අතර චැනල් ෆෝ නාලිකාවට හා අසාද් මවුලානා නමැත්තාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් කරුණු සොයාබලමින් සිටින බවට ‘ඉරිදා ලංකාදීපයට‘ වාර්තා වෙයි.

 



අදහස් (0)

චැනල් ෆෝට එරෙහිව සලේ සටනට

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 89 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 62 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 199 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 178 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 107 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 515 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1976 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site