IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


කෝප් සභාපතිට විශ්වාසභංගයක්

සජබ මන්ත්‍රීන් පිරිසක් විශ්වාසභංගය කතානායකට සඳුදා බාර දෙති

සුජිත් හේවාජුලිගේ 

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 132 වගන්තියට අනුව කමිටු සමාජිකයන් වැඩි දෙනෙකු ගේ බහුතර කැමැත්ත මත කමිටු සභාපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇති අතර ඒ අනුව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වර්තමාන කෝප් සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව ගෙන ඒමට නියමිතය. එය සඳුදා (20 දා) දිනයේ කතානායකවරයාට බාර දිමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට පැමිණි අවස්ථාවේ දී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධයක් ඇති වූ අතර ඔහු සහ ක්‍රිකට් ආයතනය අතර ඇතැයි පැවසෙන සබඳතා (ළබැඳියාවන් අතර ගැටුම) හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරැණක් නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දුන්හ. 


කෝප් සභාපතිවරයා මීට පෙර සියලු සාක්ෂි සහිතව ඉදිරිපත් වූ චෝදනා බොහොමයක් සම්බන්ධයෙන් අදාළ ආයතන කිහිපයක් කෝප් කමිටුවට හමුවට ගෙන ඒමට මැළි වූ බවද විපක්ෂය චෝදනා කරයි. මේ අතර කෝප් කමිටුව හමුවට එන ආයතනවලට කෝප් කමිටුවෙන් ලබා දෙන මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් ආයතනයක් නිතර කටයුතු කිරීම සම්බන්ධයෙන්ද දැඩි සැකයක් ඇති බවත් විපක්ෂය වැඩිදුරටත් චෝදනා කරයි. ඒ අනුව තවදුරටත් ඔහු කෝප් කමිටුවේ සභාපති ධුරයට සුදුසු නොවන බව විපක්ෂයේ අදහසයි. 


මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි. ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ගන්නා බවද කතානායකවරයා කීවේය. එසේම ඇති වී ඇති තත්ත්වය මත කෝප් කමිටුවේ කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට තීරණය කළ බවද කතානායකවරයා සිකුරාදා (17දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 


මේ අතර සිකුරාදා දිනයේ විපක්ෂය චෝදනා කර සිටියේ කෝප් කමිටුවේ නිලධාරිනියකට ද බලපෑම් එල්ල වී ඇති බවයි. ඇය ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුම්වත් කර ඇති බවද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ සජබ මන්ත්‍රී හේෂා විතාන​​ගේ මහතා පැවසීය.

 



අදහස් (0)

කෝප් සභාපතිට විශ්වාසභංගයක්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 89 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 62 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 199 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 178 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 107 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 516 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1977 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site