IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හකීම් - රිෂාද් තවත් ඇමැතිධුර ඉල්ලති

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා තම පක්ෂයට තවත් රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැති ධුර දෙකක් ද සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙ නායක ඇමැති රිෂාද් බදියුදීන් මහතා තවත් අමාත්‍යාංශයක් ද ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර හතක් හිමිව ඇති අතර ඉන් හකීම් මහතාට කැබිනට් ඇමැති ධුරයක් ද තවත් මන්ත්‍රීවරුන් තිදෙනකුට රාජ්‍ය ඇමැති ධුර තුනක් ද දැනටමත් හිමිව ඇත.  

 

ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැති ධුර අවශ්‍ය බවට හකීම් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයෙ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.  


මේ අතර රාවුෆ් හකීම් මහතාට ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍ය ධුරයට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ද හිමිව ඇති නිසා තමාට ද කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන ඇමැති ධුරයට අමතරව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ධුරය ලබාදෙන්නැයි රිෂාද් බදියුදීන් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.  


රිෂාද් බදියුදීන් මහතාගේ ඉල්ලීමට අනුව ඔහුට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ධුරය ද ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.  


මීට පෙර මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය එකට තිබුණ සේ මෙවර ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය එකට තැබීම කොතරම් විද්‍යාත්මක දැයි ප්‍රශ්න කර ඇති ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍යංශයට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ධුරය එකතු කරන්නේ කුමන විද්‍යාත්මක පදනමකින් ද යන්න තමාට නොතේරෙන්නේ යැයි ද පවසා ඇත.   


නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හෝ තාක්ෂණ හා පර්යේෂණ හෝ යන අමාත්‍යාංශවලින් එකකට පැවැරීමේ ගැටලුවක් නැතැයි ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.  


එක එක්කෙනාගේ බල ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයෙ විෂය පථයන් පැවැරීමට තමා සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව දැනගන්නට තිබේ.  


සමස්ත ලංකා මහජන කොංග්‍රසයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර පහක් හිමිව ඇති අතර ඉන් රිෂාද් බදියුදීන් මහතාට කැබිනට් ඇමැති ධුරයක්ද තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුරයක්ද හිමිව ඇත.  

 



අදහස් (0)

හකීම් - රිෂාද් තවත් ඇමැතිධුර ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site