IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


පෑවිල්ල පළාත් 8 කට පැතිරෙයි

 

  • ජලයත් හිඟවෙයි
  • දිස්ත්‍රික්ක 15 ක පවුල් 60,000 ක් පීඩාවට 
  • රත්නපුරේ 41,000 ක්

ඉන්දික හේවාවිතාරණ

පවතින වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම සබරගමුව, වයඹ, නැගෙනහිර, උතුර, ඌව, දකුණ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් අටකට බලපා තිබේ.


මෙම පළාත් අටෙහි දිස්ත්‍රික්ක පහළොවක (15) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක පවුල් 60,943ක පුද්ගලයින් දෙලක්ෂ දසදහස් හයසීය පනස් දෙකක් (210,652) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.  

මේ අනුව සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක (07) පවුල් 10.003 පුද්ගලයින් 41,730ක් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් 2320ක පුද්ගලයින් 7737ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක පවුල් 8892කට අයත් පුද්ගලයන් 29508, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක පවුල් 7739 අයත් පුද්ගලයන් 25891 පීඩාවට පත්ව සිටියි.


වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවුල් 786 පුද්ගලයින් 2321, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක පවුල් 4433 අයත් පුද්ලයින් 14752, උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක පවුල් 21999 කට අයත් පුද්ගලයන් 70238 ක් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකක පවුල් 952ක ප්‍රද්ගලයන් 3244, මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවුල් 202ක ප්‍රද්ගලයන් 685ක් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකක පවුල් 450 අයත් පුද්ගලයන් 1120ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට අයත් පවුල් 329ක පුද්ගලයන් 1324, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකකට අයත් පවුල් 140ක පුද්ගලයන් 485ක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට අයත් පවුල් 1513ක පුද්ගලයන් 7512ක්, බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකක පවුල් 922කට අයත් පුද්ගලයන් 2890ක්, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවුල් 263 කට අයත් පුද්ගලයන් 1215ක් පීඩාවට පත්ව තිබේ.
මෙම පිරිස් පානීය ජල හිඟයකට මුහුණදී සිටින අතර, මේ අනුව දෛනිකව බවුසර් රථ 200කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ජලය ඛෙදා හරින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි.


ජල මූලාශ්‍රවල ජල මට්ටම් පහළ යාම නිසා ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා සිදුව තිඛෙන බව ජලසම්පාදන මණ්ඩලය පවසා සිටින අතර, මේ නිසා නළ මගින් ලබාදෙන ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.


මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අවශ්‍ය පානීය ජල සංචිත තිබෙන්නේ තවත් මාස දෙකක කාලයක් සඳහා පමණක් බවත් එසේ වුවද කප්පාදුවකින් තොරව ජලය සැපයීමට හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය පසුගිය 17 වැනිද‌ා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
මේ වෙන විටත් බස්නාහිර පළාතෙන් එපිට දිස්ත්‍රික්ක කිහිපයක ජල සැපයුම සීමා කර ඇතැයි කී ඇය පවතින වියළි කාලගුණය හේතුවෙන් දැනට දිස්ත්‍රික්ක 15කට පානීය ජල ගැටලු මතුවී ඇතැයි ද සඳහන් කළාය.

 



අදහස් (0)

පෑවිල්ල පළාත් 8 කට පැතිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1291 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1234 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site