IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපති නීතිපතිට තදින් හිටියි

ධුරයේ වැඩ හරියට නොකරන්නේ නම්  දෝෂාභියෝගයක් ගෙන ඒම ගැන ඇතුළෙ සාකච්ඡා

තිඹිරියාගම බණ්ඩාර
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන් නිදහස් කිරීම ඇතුළු අපරාධ නඩු කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඇති චෝදනා ගැන ඉකුත් 6 වැනිදා නීතිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ධුරයේ කටයුතු නිසි ලෙස ඉටු කළ නොහැකි නම් තවදුරටත් ධුරයේ රැඳී සිටීම යුක්තිසහගත නොවන බවට ජනාධිපතිවරයා තදින් අවධාරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

නීතිපතිවරයා තවදුරටත් ධුරයේ කටයුතු නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී ඇති බව ද තතු දත් ආරංචි මාර්ග කියයි.
ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී චෝදනා මුඛයෙන් කතා කර ඇති බව ද පැවසේ. නීතිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමේ පටිපාටිය පිළිබඳ කරුණු දක්වන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසන්නේ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර නීතිපතිට එරෙහි චෝදනා ගොනු කිරීම ඒ සඳහා ඇති ක්‍රියාමාර්ගය බව ය.
නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටික පනත 2002 අනුව කටයුතු කිරීම නීතිපති ඉවත්කිරීමේ එක ම ක්‍රියාමාර්ගය බව නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා ද පවසයි. පනත ප්‍රකාරව පත් කෙරෙන තේරීම් කාරක සභාව මගින් කෙරෙන නිර්දේශ කථානායකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු දෝෂාභියෝගයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවෙන බව ඔහු සඳහන් කරයි.
නීතිපතිවරයාගේ ක්‍රියා පිළිවෙතට එරෙහි ව ඉකුත් 6 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාධ්‍ය සංවිධාන විසින් “නීතිපති ඉවත්වනු” මැයෙන් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලද අතර ජනාධිපතිවරයා නීතිපති කැඳවා ඇත්තේ එදින සවසය. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ ව බලය අයුතු ලෙස යෙදවීම හා නොසලකා හැරීම යනාදී කරුණු අනුව නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය වෙතද ලිපියක් යොමු කර තිබේ. 
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ පාලන සමයෙහි නීතිපති සරත් සිල්වාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ නමුත් ජනාධිපතිවරිය ඔහු අගවිනිසුරු හැටියට පත් කිරීම නිසා එය වැළැක්විණ. මේ අතර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ දියණිය තමාට එවූ ලිපියට ඉදිරි දිනෙකදී පිළිතුරු ලිපියක් යොමු කරන බවත් ය.

 



අදහස් (0)

ජනපති නීතිපතිට තදින් හිටියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site