IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ  සංගමය  සිය රිදී ජුබිලිය සමරමින්  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය

එම ආරම්භක උත්සවයට සමගාමීව රිදී ජුබිලිය සැමරීමද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ  ශාලාවේදී  ඊයේ පෙරවරුවේ පැවත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස එම සංගමයේ හිටපු සභාපතිවරුන් වන  ආරියදාස  වීරමන්, එච්  ඩී පෙු්මසිරි, රංජිත් සමරනායක, විජිත යාපා සහ උපාලි වනිගසූරිය යන මහත්වරු සහභාගි වුභ.

මෙහිදී එම හිටපු සභාපතිවරුන් ඇගැයීම සඳහා විශේෂ සම්මාන ප්‍රදානයක් ද සිදුකෙරිණි. එම සම්මාන ප්‍රදානය කරනු ලැබුවේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආර්යරත්න මහතා  විසිනි.

මෙහිදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ විසිපස් වසරක ගමන් මග පිළිබඳව එම සංගමයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ප්‍රකට ලේඛකයකු වන උපාලි වනිගසූරිය  මහතා විසින් රචිත "අප ආ මාවත" කෘතිය එළිදැක්වීමද සිදුවිය.

ඒ අනුව එම කෘතියේ මුල් පිටපත්  සංගමයේ  වත්මන් නිලධාරි  මණ්ඩලය විසින්   ප්‍රධාන ආරාධිතයින්ට  පිළගන්වනු ලැබිණි.පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන  පිරිස් වෙතින් අයකරන රුපියල් 20ක ප්‍රවේශපත්‍ර ගාස්තු ව අරමුදලකට බැර කර  පිහිටුවා ඇති "දරු දිරිය" ශිෂ්‍යත්ව මෙවරද ප්‍රදානය කෙරිණි .

ඒ අනුව ⁣මෙවර  ශිෂ්‍යත්ව ලාභින් වූයේ  කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ  සන්දීපා නිලුක්ෂි, ජී.ජි ඹසඳ ලක්ෂාන්, කේ ඩී ඉරේෂා ,වී ජී තිසරු⁣ ෂෙහාන්, හංසනී  නිසංසලා , සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු  පීඨයේ   පී ඒ වෙනුර ජයසංඛ,  යන සිසු මානවක මානවිකාවෝය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකින් සංගමයේ සභාපති ඉන්ද්වර සමරසිංහ   ආරම්භක  සභාපතිව රන්ජිත්  සමරනායක සහ වින්ද්‍යා සමරසිංහ   යන මහත්ම මහත්මීහු මෙහිදි අදහස්  දැක්වු අතර  ගායන ශිල්පී විශාරද  එඩිවඩ් ජයකොඩි  සමග  සැරිසර සංගීත ශාලිකාවේ  ළමයින් පිරිසක් සංගමයේ  තේමා ගීතය ගායනා කළහ.

සංගමයේ  ලේකම්  දිනේෂ් කුලතුංග භාණ්ඩාගාරික අතල ජයකොඩි, උප සභාපති චන්දා සපුතන්ත්‍රි  යන නිලධාරී මණ්ඩලය ද මෙම අවස්ථාව ට එක්ව සිටියහ

ආරම්භක උත්සව සභාවෙන් අනතුරුව 2024 වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය  ප්‍රධාන ශාලාවේ පිවිසුම්  දොරටුව රිදී ජුබිලියේ සැමරීම සඳහා වූ අලංකාර අන්තිම සකස් කර තිබූ කේක් ගෙඩිය කැපීම හිටපු සභාපතිවරු පිරිස අතින් සිදුකෙරිණි.

උත්සව සභාව මෙහෙයවිම සිංහල බසින්  නිවේදිකා මයුරි  අ⁣බේසිංහ ද ඉංග්‍රීසි  බසින්  නිවෙිදක අරුන් ඩයස්  බණ්ඩාරනායක ද සිදුකළහ.

(ජයාරුප: සමුද්‍ර හේවාපතිරණ)

 

 



අදහස් (0)

කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site