IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


නානුඔය දුම්රිය ස්ථානයේ ලෝක සංචාරක දිනය සැමරේ

(රංජිත් රාජපක්ෂ)

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේදි සංචාරක දිනය සැමරීමේ උත්සවයක් එම දුම්රිය පරිශ්‍රයේදි අද (27) දින සිදු කෙරිණ.

නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරක රියදුරන්ගේ සංගමය සහ සංචාරක ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය එක්ව නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව නානුඔය දුම්රිය ස්ථානයට ගමන් ගන්නා විදේශීය සංචාරකයන් සහ නානුඔය දුම්රිය ස්ථානයට මගී ප්‍රවාහන දුම්රියන්වලින් පැමිණි විදේශීය සංචාරකයන්ට උනුසුම් අයුරින් මල් මාලා පළදවා පිළිගනු ලැබූහ.

නානුඔය දුම්රිය ස්ථානයේදී දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන් සංස්කෘතිකාංග ගණනාවක්ද පාසල් ළමුන් විසින් විදේශිකයන් හමුවේ ඉදිරිපත් කල අතර, ලෝක සංචාරක දිනයේදි මෙරටට පැමිණි තමන්ව පිලිගැනීම සම්බන්ධයෙන් විදේශික සංචාරකයන් සිය සතුට පල කරනු ලැබූහ.

ලෝක සංචාරක දිනයෙදි දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි සංචාරකයන් නානුඔය දුම්රිය ස්ථානයේදි නර්ථනයේ යෙදෙන අයුරුද අප කැමරාවේ සටහන් විය.

මෙම අවස්ථාවට නානුඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, සංචාරක හෝටල් හිමියන්, සංචාරක කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයන් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

 



අදහස් (0)

නානුඔය දුම්රිය ස්ථානයේ ලෝක සංචාරක දිනය සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1037 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site