
(දිනේෂ් සමරකෝන්)
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සුදු සැරයටි සුරක්ෂා දිනය නිමිතාකොට ගෙන දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට අද (11) සහභාගී විය.
එහිදී ඇය සිය දෑස් රෙදි කැබැල්ලකින් වසා සැරයටික් රැගෙන පාගමනට එක්වීමද විශේෂත්වයකි.
එම පාගමන කොළඹ මහනගර සභාව ඉදිරිපිටින් ආරම්භ කර නව නගර ශාලාව ඉදිරිපිටින් අවසන් වූ අතර, ඊට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දෘෂ්‍යාබාධිත ප්‍රජාව සහාගී විය.
මේ අතර, එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද සහභාගී විය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.