
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී අද (22) පෙරවරුවේ විවෘත කෙරිණි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ දරු දිරිය ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසු සිසුවියක් පස් දෙනෙකුට ශිෂ්‍යක්ව ප්‍රදානය කිරීමද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)




COMMENTS
හොඳ වැඩක්... කියැවීම පුරුදු කරමු.
ඇත්තටම මේ ප්‍රදර්ශනය අද සිට කවදා තෙක් පැවැත්වෙනවාද කියලත් තිබුනා නම් කියලා වැඩක් නැහැ
මේ නෝනත් හොද ලේඛිකාවක් වෙන්ඩැති මගේ හිතේ. ජූලි චංට වෙන වැඩක් යෙදෙන්න ඇති... නැත්තං අනිවා එනවා මුදුන්වෙන්න...
ඔව්වා ජෙප්පෝ කරන මොට්ට වැඩ...