
(යොහාන් භාසුර)
ජනතාව දුන් ජනවරමට අනුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ගෙන එන බවත් නඩු කටයුතු කඩිනම් කර අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය ගොඩනැඟීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ 7 වැනි කොට්ඨාස සභාව ලෙස වේලනෙයි ප්‍රදේශයට අයත් නයිනතිව් කොට්ඨාස සභාව, ‘අමුදසුරභි‘ ශාලාවේදී නිල වශයෙන් ස්ථාපිත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.
“ව්‍යවස්ථා සංශෝධනය හා නීතිය පසිඳලීම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනට පවතින කතාබහ යහපත් ප්‍රවණතාවක්. දූෂණයට හා වංචාවට එරෙහිව පියවර ගැනීමට ජනතාව දුන් ජනවරමට අනුව, මහජන මුදල් කොල්ලකෑ පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් කඩිනම් කරනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ: පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 3,000 ගෙන් පමණ සාක්ෂි විභාග කෙරේ. නඩු විභාග කරන විනිසුරුවරුන් විශ්‍රාම ගියහොත් නැවත මුල සිට සාක්ෂි විභාග කිරීමට සිදුවන බැවින්, අදාළ පරීක්ෂණ අඛණ්ඩව හා කඩිනමින් සිදුකිරීම අවශ්‍ය වේ. එම ප්‍රහාරයේ මහ මොළකරුවන් බියෙන් පසුවන නිසා ආණ්ඩුව පෙරළීමට විවිධ උත්සාහයන් දරනවා.
ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ, ජාතිවාදය, ආගම්වාදය හා බන්ධනාගාර කෝලාහල මඟින් ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ පසු, දැන් ගොවි හා ධීවර ගැටලු විශාල කර පෙන්වීමට ඇතැමුන් උත්සාහ කරනවා.
ඉන්දියානු ධීවර ගැටලුව, උතුරු මුහුදු සීමාවේ සාගර සම්පත් විනාශ වීමට ඉඩ දිය නොහැකි අතර, මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මුහුදු සීමාව කාන්තාරයක් වීමේ අවදානමක් පවතිනවා. මේ පිළිබඳව අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල සතියේ තමිල්නාඩු රජය සමඟ සාකච්ඡා පවත්වනවා. පළමුව නිලධාරී මට්ටමින්ද, දෙවනුව ධීවර සංගම් අතරද සාකච්ඡා පවත්වන අතර, අවශ්‍ය වුවහොත් තමිල්නාඩු මහ ඇමතිවරයා සමඟ ද සාකච්ඡා කිරීමට සූදානම්.
දෙමළ දේශපාලනඥයන්ගේ භූමිකාව හා පළාත් සභා මැතිවරණය ඇතැම් දෙමළ දේශපාලනඥයන් තමිල්නාඩු මහ ඇමතිවරයා හමුවුවද ධීවරයන්ගේ සැබෑ ප්‍රශ්න ගැන කතා කළේ නෑ. කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන අතර එම මැතිවරණයෙන් ආණ්ඩුව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd