‘මා දේශපාලනයට ඇද දැමුණේ රජයේ වැරදි තීන්දු සහ තීරණ නිසයි. ඒ ටිකම ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියටත් සිදුවී තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් ඇය සමග වුවද එම ගමන යෑමට සූදානම් යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා කෝට්ටේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.
‘රට හැම අතින්ම කඩා වැටීමට ලක් වෙලා. විකල්පයක් අවශ්‍ය බව බොහෝ දෙනා කියනවා. මගේ දේශපාලන ගමනේදී පාතාලයන්, කුඩාකාරයන්, මැරයන් ඇසුරු කිරීමට හෝ ඒකාධිපතියකු වීමට කිසිම අවශ්‍යතාවක් නෑ, ඒවා නැති නිසා ‘ඔබ දේශපාලනයට සුදුසු නැහැයි‘ මට සමහරුන් කියනවා. මේ රටේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඒ සඳහා කැපවිය හැකි ඕනෑම අයෙකු සමග අත්වැල් බැඳ ගැනීම මගේ දේශපාලනයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ! . (ස)
ඒ මොකටද (දී)
මේ වෙලාවේ ජනතාව ලෙස අපි වගකීමෙන් වැඩ කරන්න ඕනේ (දී)
අනේ මැඩම් මෙයාලා එක්ක එකතුවෙන්න එපා.. ඔබ හොද බුද්ධිමත් කෙනෙක් හොදට හිතලා තීරණ ගන්න රට ගැන..!(නු)
රටට සේවය කරන්න වෙන විධියක් ඇත්තෙම නැද්ද? (ස)
සම්පත් හරි (ස)
ජෙනරාල්තුමනි, ඔබ නැවතුණු තැනින්ම නැවත පටන්ගන්න. (නි)
දැං ඉතිං ඇමරිකාවෙ උපදෙස් වලට දෙන්නම වැඩ කරන්න..!(නු)
ඔබතුමාට වැරදුණේ කට නිසයි. සංවර වෙන්න අවශ්‍යමයි. (නි)
කොහොම උනත් අනිත් සරත්ගන් පරිස්සමිවන්න (නු)
මැතිණියනි, මෙතුමා සමග එකතු වී රට බේරාගන්න. (නි)
ශිරාණි නෝනා ඒ ගමන කොහේටද යන්න හදන්නේ? (නි)
ඔබ සියලු දෙනාටම සුබපැතුම් (දී)
මෙතුමා නිවැරදියි. (නි)
ඔබ හොද රණශූරයෙක් බවට ආයිත් කතා දෙකක් නැහැ. නමුත් ඔබට දේශපාලනය කොතරම් දුරට ගැළපෙනවාද යන්න නම් සැකසහිතයි. (නි)
හුදී ජනයා බුද්ධිමත් හොදේ..... (නි)
මෙතන ජයවේවා කියන අය අඩුම තරමේ හරි විස්තර දන්නා අයද? (නි)
දූෂණය නැති කරන්න නම් අවංක නායකත්වයකුයි අවශ්‍ය වන්නේ. (නි)
කළහැකි හොදම දෙය නම් දේශපාලනයට පැමිණීමයි.. සමස්ථ ජනතාවම ඔබ දෙපලට සාධාරණයක් කරනු ඇත. ජය වේවා.!(නු)
ඒ ගමන මොනවා කරන්නද මන්දා යන්නේ? (නි)
වැඩක් වෙන්නේ නැහැ මැඩම්. (නි)
සම්පත් නිවැරදියි. (නි)
අනේ බුදු සර්, එයාට පාඩුවේ ඉන්න දෙන්න. (නි)
සමහරවිට එන්නත් පුලුවන්. (නි)
සත්‍යයට ජය සිකුරුයි. මදක් ඉවසන්න. (නි)
බුද්ධිමත් අය දේශපාලනයට නාවොත් මේ රටත් කොළොම්බියාවක් වේවි. (නි)
සුභ පැතුම්! (නි)
ඔබ හමුදාවේ වීරයෙක් වුණත් කෙනෙක්ව නම්මා ගැනීමට කොපමණ දක්ෂයෙක්ද යන්න මට සැකසහිතයි. (නි)
මේ අයට දේශපාලනය තවමත් තිත්ත නොවීම පුදුමයට හේතුවකි. (නි)
සියළු දෙවි රැකවරණින් ඔබතුමන්ලා ලංකාව අනිත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සේ ඔසවා තබන්න. අපේ ශ්‍රී ලක් දෙරණේ එය දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය යුගය වෙනවා නොඅනුමානයි. (නි)
ඔබ තුමිය තනිව දේශපාලනය කරන්න. (ස)
අනේ අම්මෝ!දේශපාලනයට නම් යන්න එපා මැඩම්. (නි)
ඒ මොකටද (දී)
මෙයා ඇත්තටම පිරිමියෙක්ද? (නි)
අනේ පවු! එතුමියත් සදා අනාථයි කියන්න වේවිද? (නි)
ගමන දැනගෙගන යන්න පුළුවන් නම් හොදයි. නැත්තම් නොදැන යන කතරගම වගේ වේවි. (නි)
අනේ ඉතිං අපි දෙන්නට බුදු සරණයි..!(නු)
සෙන්පතිතුමනි, ඔබ ඇති තැන, නැත බිය සැක... (නි)
ඔබතුමාත් එක එක්කෙනාට අත වන වනා ඉන්නවා මිසක ඔබේම කියලා දෙයක් කරන පාටක් නැහැ. හරි නම් ඔබත් ඔය දේශපාලනේ පැත්තක තියලා මේ රටේ සිවිල් සමාජය ශක්තිමත් කරන්න පෙරමුණ ගත්තා නම් මීට වඩා හොඳයි. මොකද එක එක්කෙනාට බැණ බැණ හිටියාට වැඩක් වෙන්නේ නැහැ. මේ රටේ සිවිල් සමාජයේ කඩා වැටීම නිසා තමයි මේ අයට ඕනෑ ඕනෑ විදියට මේ දේවල් කරගන්න පසුබිම හැදුණේ. බලන්න මුලින් විශ්ව විද්‍යාල වල උගතුන් රටටම පෙන්නුම් කළා සිවිල් සමාජයට කළ හැකි තරම. අද නීති ක්ෂේත්‍රයේ අයත් පෙන්නුවේ සිවිල් සමාජයේ තිබෙන බලයයි. අද ඔප්පුවෙලා තිබෙනවා දේශපාලනයට මේවා වෙනස් කරන්න බැරි බව. ඒක කවදා හරි කරන්න වෙන්නේ සිවිල් සමාජය රටේ ජනතාව සමග එක්වීමෙන් මිස දේශපාලන නායකයන් වෙනස් කිරීමෙන් නොවේ. ඔබ මෙය කවදා තේරුම් ගනීවිද මන්දා. පුලුවන් නම් ශිරාණිට අන්න ඒකට ආරාධනය කරන්න. (නි)
සම්පත් නිවැරදියි...!(නු)
හිල් වුණු බෝට්ටු වලටනම් නගින්න එපා (ස)
අපේ බුද්ධිමත් මැඩම්, කිසිදිනක මෝඩ තීරණ නම් ගන්න එපා. (නි)
පසුගිය කාලයේ ඔබතුමා සමග සිටිය රොත්ත දැන් නැහැ නේද? (නි)
අපිට තියෙන්නේ ඉතින් බලා ඉන්න තමයි (දී)
රොෂාන් සහ සම්පත් දෙන්නා දන්න දේශපාලනයක් ගැන කතා කරනවද? (නි)
ඒ අදහස එතරම් හොද නැහැ මැතිණියනි..!(නු)
මෙතුමියත් දේශපාලන චරිතයක් වෙයිද (දී)
ජෙනරල් ෆොන්සේකා සහ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය යනු දේශපාලනය ඉදිරියේ වැද වැටෙන්නන් නොවේ. (නි)
එන්න.. අපේ වලට ඔබත් වැටෙන්න කියලාද අඩගහන්නේ..!(නු)
අයන්න කියන්න ලොවටම ඇහෙන්න - එන්න මගේ නංගී... (නි)
තමන්ට පුළුවන් දේ කලොත් නේද හොද(නු)
සම්පත් කියන දේ හරියටම හරි.!(නු)
ඇත්තටම හොද තීණ්දුවක්. (නි)
ජනරාල්තුමනි, ඔබට දිගින් දිගටම සිදුවු බොහෝ අසාධාරණයන්ට එරෙහිව ඔබ කළ අභියාචනයන්ට එදා බලය සහ හැකියාව තිබූ සමහරු කරපු දේට අද මෙලොව දීම විපාක ලැබිලා කියන එක පේනවද? ඔබ එකතු කර ගත යුත්තේ හැමදා අවංක නිවැරදි මිනිසුන්ව පමණි. (නි)
ඔබ දන්න දේ කරලා රටට ලොකු සේවයක් කළ කෙනෙක්.. ඒත් නොදන්න දේ කරන්න නොගිහං හිටියොත් තමයි හොද හිටපු අගවිනිසුරැවරියටත් කියන්න තියෙන්නේ ඒ දේම තමයි.,!(නු)
යුගයේ සැබෑ අවශ්‍යතාවය මෙයයි. (නි)
ආදරණීය ජෙනරල්තුමනි, ඔබ තවමත් පරණ තැනමයි. කරුණාකර නැවැත්වූ තැනින් පටන්ගන්න. (නි)
අපි සැවොම බුද්ධිමත් වෙන්න ඕනේ (දී)
ඔබට ජය! ඡන්දය දීම ජනතාවට අයිති වැඩක්. (නි)
අපි සරත් ෆොන්සේකා මහත්තයාට ගරු කරනවා. (නි)
මෙය තවත් එක් සිද්ධියක් පමණක් යැයිද, අපට එය සිදු නොවුණි යැයි ද සිතා තවදුරටත් නිහඩව සිටිනවා නම් මේ රටේ අනාගතය සමහරුන් විසින් සැළසුම් කර ඇති පරිදිම විසදෙනු ඇත. තවත් කාලයක් නැත. සියලු බලවේගයන් ඉතා ශක්තිමත් නොසැලෙන නිර්භීත නායකත්වය වටා එක් වී මෙම ව්‍යසනකාරී සියල්ල පලවා හැර, එතැකින් නොනැවතී සියලු වැරදිකරුවන් හට නිසි දඩුවම් පැමිණවීමටත්,මේ රට පූර්ණ නිදහස් රටක් බවට පත් කිරීමටත් දැන් සුදුසුම කාලයයි. (නි)
කොහෙන් ගියත් අසරණ වෙන්නේ සාමාන්‍ය ජනයා (දී)
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිවුවලු. දැන් පේනවනෙ තරාදිය බරවෙලා තිබුණු පැත්ත. (නි)
දැන් අරයා නැහැ. මැඩම් එන්න වැඩ බලන්න. (නි)
ඇත්තටම හොඳ තීරණයක් , දැන් රටට ඕන මේ වගේ මිනිස්සු. (ස)
මට නම් විශ්වාසයි ඇය දේශපාලනයට නොයන බව. (නි)
සම්පත්, දැන් එතකොට විශ්ව විද්‍යාල, පාසල් ඇතුලුව රටම හමුදාකරණය කළේ එස්.එෆ්. මහත්තයාද? (නි)
වෛරී දේශපාලනයේ අතකොළුවක් නොවුණා නම් හා තමන් පිළිබඳ අධිතක්සේරුවක් නොකළා නම් සරත් පොන්සේකා මහතාට පැහැදිළි අනාගතයක් තිබුණි. හිටපු අගවිනිසුරුවරියටද සිදුවූයේ ඔබට සිදුවූ දෙයමැයි. එකම ප්‍රතිඵලය දේශපාලනීකරණය නොවිය යුතු ආයතන දෙකක් දේශපාලනීකරණය වීමයි. ඉන් රටට වූ හානිය කියා නිම කළ නොහැක. (නි)
සිල්වා, ඔබ හරි. දැන් බලන්න, අපි මොනතරම් නම් නිදහසක් ගතකරනවද කියලා? (නි)
වැඩක් නෑ (ස)
වෛරී දේශපාලනයේ යෙදී සිටින්නේ කවුද කියලා මොළයක් ඇති ඕනෑම කෙනෙකුට තේරෙනවා සම්පත්. (නි)
නියමයි. ඔහොම යන් ..ජය වේවා ! (ස)
වැල යන පැත්තට මැස්ස ගහලා හරි අපි මේ වලෙන් ගොඩ එන්න බලමු (ස)
හිතලා මතලා තීරණයක් ගන්න (දී)
ඕනෑ දෙයක් කරන්න. නමුත් නුසුදුස්සන් ගාවාගන්න නම් එපා. (නි)
ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි! (නි)
කතාව සහතික ඇත්ත. ඒත් ඔබතුමාට වගේ මෙතුමියට විඳගන්න අමාරුවෙයි. එනිසා කාලය අනුව ගමන්කරමු. ජය නියතයි! (ස)
අපි හිතුවා (ස)
කොහොම උනත් බලාගෙන....පරිස්සමින්... (ස)
අපේ රට දැන් නිදහස් රටක් තමයි. තව මොනවද නිදහස් රටක් වෙන්න අවශ්‍යයි කියන්නේ? (නි)
උගත්කම තියාගෙන වෙන විදියකින් රටට සේවය කරන්න දේශපාලනයටනම් යන්න එපා (ස)
ඔබ කවදත් එඩිතර මිනිසෙක් . අපි හැමෝම ගරු කරනවා (ස)
අපි තමයි හැමදාම එක තැන (දී)
සම්පත් නිවැරදියි. (නි)
සම්පත් 100%ක් හරි. (නි)
පරණ කතා නම් ආයේ කියන්න එපා (ස)
දැන් අත වන වනා ලාහට ගෙම්බෝ එකතු කරන්න තමයි හුග දෙනෙකුට වෙලා තියෙන්නෙ. (නි)
දේශපාලනයෙන් නැතුව වෙන විදියකින් ඕක කරන්න උත්සාහ කරමු ජෙනරල්තුමනි. (නි)
ලංකාවට හොඳ සේවයක් කර මිනිසුන් දෙන්නෙක් (ස)
සරත් ෆොන්සේකා මහත්තයා තමයි අපේ දුක දන්නා නායකක තුමා.. ඔබට ජය නියතයි.. !!! (ස)
සුහදතාවය දිගටම තිය ගන්න ඕනේ. (දී)
බොරු වැඩක් (ස)
ඔබතුමාගේ අදහස හරි . අපේ රටට ඕන ඔබලා වගේ බුද්ධිමතුන් . ඔබතුමාට ජය වේවා (ස)
ඔන්න ඔන්න පරණ සෙල්ලම ආයිත් පටන්ගන්න යන පාටයි. (නි)
අදහස හොඳයි. ක්‍රියාත්මක කිරීම තමයි අපහසු (ස)
අපරාධකරුවන් සිටිනා තාක් රට පෙරට ගත නොහැක. (නි)
ඔබතුමා වීරවරයෙක් හැටියට මම ගරු කරනවා..(නු)
ඔබට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
ඔබතුමා කවදත් අපේ රටට ආදරය කරන බව අපි දන්නවා (ස)