
ඩී.ජී.සුගතපාල
අක්මිමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අම්බලන්ගොඩ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක මුදල් අයකැමිවරයකු නවින පන්නයේ ගිණි අවියක් සමග අත් අංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව අම්බලන්ගොඩ කෙරමිණියේ පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදී මෙම ගිණි අවිය සහ එයට යොදන උණ්ඩයක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ ඊශ්‍රායලයේ නිෂපාදිත මෙම ගිණි අවිය දිගින් සෙන්ටි මිටර් 12ක් වන අතර උණ්ඩයේ දිග සෙන්ටි මිටර් එකහ මාරක් පමණ වන බවය.
අම්බලන්ගොඩ නගරයේ හෝටලයක මුදල් අයකැමි වරයා වශයෙන් සේවය කරණ 32 හැවිරිදි සැකකරු මෙම ගිණි අවිය රුපියල් 30000ක මුදලට විකිණිමට යාමේදි අත් අංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd